(ඉන්දිකා රාමනායක)
මාධ්‍ය හමුවක් පවත්වමින් ටිරාන් අලස් මහතා වත්කම් පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලට අදාලව පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා අද (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් පවතින බැවින් ප්‍රකාශයක් ලබා දිය නොහැකි බවත්, එම අධිකරණ ක්‍රියාවලින් අනතුරුව ඉදිරියේ ප්‍රකාශක් ලබා දිය හැකි බවට නාගමුව මහතා දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.
එම අධිකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව ඉදිරියේ ඒ මහතාගෙන් සිද්ධියට අදාල ව ප්‍රකාශ ලබා ගන්නා බවද එම ආරංචි මාර්ග පවසයි.
පසුගිය දිනක කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් දුමින්ද නාගමවු මහතා තමන් විදේශ රටක මුදල් ආයෝජනය කර ඇති බවට කළ ප්‍රකාශයෙන් අපහාසයක් සිදු වු බව පවසා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැඳවීම සිදුකර තිබුණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd