IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දෙමෝදර බිංගෙයේ අභිරහස් මළ සිරුරක්

(ප්‍රසාද් රුක්මල්)

උඩරට දුම්රිය මාර්ගයේ ඓතිහාසික දෙමෝදර අංක 42 දුම්රිය බිංගෙය තුල තිබූ අභිරහස් ලෙස මියගිය තරුණයකු ගේ මළසිරුරක් අද (5) සොයාගත් බව ඇල්ල පොලිසිය පවසයි .

මෙම මළසිරුර දෙමෝදර සවුදම් වත්තේ තේ කර්මාන්ත ශාලා කොටසේ පදිංචිව  සිටි ක්‍රිෂ්ණ කුමාර් (28) නැමත්තා ගේ බවට ඔහුගේ මව විසින් හදුනාගත් බවද පොලිසිය කීය .

මොහු ඊයේ (4) රාත්‍රි  8.00ට පමණ නිවසින් බැහැරව ගොස් ඇති බවත්, පසුව අද  (5) උදෑසන දෙමෝදර දුම්රිය ස්ථානය අසල දුම්රිය බිංගෙය අසල වැටී තිබූ මොහුගේ මළසිරුර දුම්රිය සේවකයකු විසින් දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සොයා ගත් බව පොලිසිය සදහන් කළේය .

බිංගෙය තුල රාත්‍රි පාගමනින් ගමන් කරමින් සිටියදී මොහු එම අවස්ථාවේ ධාවනය දුම්රිය ක ගැටී මෙසේ මියයන්නට ඇතැයි පොලිසිය සැකකරයි .

මොහුගේ සිරුරේ තැලිම් තුවාල තිබෙන බවත් පොලිසිය පවසයි .

බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩී බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී කේ යූ ඩබ්ලිව් . අබේගුණවර්ධන , පොලිස් පරික්ෂක  එච්.පී පාලිත යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .



අදහස් (0)

දෙමෝදර බිංගෙයේ අභිරහස් මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site