(ප්‍රසාද් රුක්මල් )
ඇල්ල දෙමෝදර ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම නැරඹීමට පැමිණි තරුණ පෙම්යුවලක් අද (12) දහවල් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රග්‍රාමි දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා දෙමෝදර සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා ඇත්තේ ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයකු සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක යැයි පොලිසිය කීය .
මෙම තරුණ පෙම්යුවල අද (12);උදෑසන ඇල්ල දෙමෝදර ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම නැරඹීමට පැමිණි ඇති අතර , පසුව මොවුන් දෙදෙනා ආරුක්කු නවය පාලම අසල දුම්රිය බිංගෙය ට නුදුරින් දුම්රිය මාර්ගයේ වාඩිවී පෙම්බස් දොඩවමින් සිටියදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රග්‍රාමි දුම්රිය පැමිණ ඇති අතර , ඒ සමගම මොවුන් දෙදෙනා දුම්රිය මාර්ගයෙන් ඉවතට යාමට උත්සහ දැරීමේදී දුම්රියේ ගැටි ඇතැයි පොලිසිය සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේල් පාරේ වාඩිවෙලා ඉන්දැද්දී දුම්රියේ සද්දේ නාලා සද්දේ ඇහිලා නැත්තේ මුන් බීරිද .මුන්ගේ මොලේ කොලොප්පන්ද ?
රේල් පාරේ ඉඳගෙන පෙම් කෙලින්න ගියාට හොඳ වැඩේ ගොබ්බ ජෝඩුවට .නූගත් කමට මක් කරන්නද