IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දමිතා - සැමියා යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

කොරියන් රටේ වීසා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තිහක වංචාවක් සිදු කළේ යැයි කියන රංගන ශිල්පීනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් ලබන 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

දමිතා අබේරත්න සහ ඇගේ සැමියා පසුගිය 04 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට දී රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

සැකකරුවන්ට එරෙහි විමර්ශනය සංකීර්ණ හා දීර්ඝ  බැවින් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටි රහස් පොලිසිය සාක්ෂි සම්පින්ඩන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරුවන්ගේ වත්කම් අනාවරණය කර ගැනීමට බැංකු වාර්තා කැඳවා ඇති බවද පොලිසිය අධිකරණයට පැවසීය.මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමේදී අධිකරණ බලය පිළිබඳ ගැටලුව මතුවන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් පැවසීය.

 



අදහස් (10)

දමිතා - සැමියා යළි රිමාන්ඩ්

ANURA ROME Wednesday, 17 April 2024 01:32 PM

දැන් සැපද?

:       0       30

fairoos Wednesday, 17 April 2024 01:59 PM

දේශපාලන පළිගැනීම්, ඔය මුක්කුව රනිල්ට ගහලා තිබ්බානම් ඉවරයි.

:       17       5

මැක්ස් Wednesday, 17 April 2024 02:04 PM

කඳුලු වගුරලා, ලක් අම්මාට අමාරුයි කියලා, වැළපිලා අරගලිස්ට්ස් රැලට මෙයා දුන්නු ගේම තමයි ගේම...! ඒවාට අහු වුණු මෝඩ රැල පව් අප්පා...

:       3       22

ගමේ එකාලා Wednesday, 17 April 2024 02:32 PM

සජිත් බලන්න ආවේ නැතුව ඇති. පව් අප්පා...!

:       2       19

Laka putha Wednesday, 17 April 2024 04:06 PM

ලක් අම්මේ දැන් සැපද?

:       2       22

ranjith Wednesday, 17 April 2024 05:38 PM

මේ වගේ මැටි චරිත දේශපාලන පක්ෂ වලට ගත්තොත් ඒවගේත් විනාශය.

:       2       19

Nimal Wednesday, 17 April 2024 05:56 PM

ජොන්සන් කියන නමේම අවුලක් තියෙනවා.

:       2       13

රාලහාමි Wednesday, 17 April 2024 06:01 PM

ඔය නඩුවේ බළල් අත් විතරයි. ඔය නඩුවේ මහාමොලකරු තමයි මේ දවස්වල බස් බෙදන්නේ, ස්මාර්ට් පන්ති කාමර බෙදන්නේ..., ඒ විතරක් නොවෙයි හාල් බෑග් බෙදනවා තැන තැන. ඒ හොරසල්ලි පුතාණෝව පොලිසියට අල්ලන් ගිහින් කකුල් දෙකෙන් එල්ලලා දෙකක් දුන්නා නම් ලංකාවේ නිධන් තියෙන තැනුත් වමාරයි.

:       4       17

Jayasekara Thursday, 18 April 2024 12:00 PM

අරගලයේ හොරුන්ගේ ජාත්‍යාෙල්...!

:       0       0

Bamunuarachchi Friday, 19 April 2024 01:23 PM

ලක්‌ අම්මගේ ලක්‌ එකට කෙළවුණ වගයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site