
(සුජිත් හේවාජුලිගේ)
තමාගේ නම ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදනය ප්‍රශ්නයක් හේතුවෙන් නම් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඉල්ලීමක් කරන්නීය.
පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් එම පක්ෂයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න බැරි සහ බිහිරන් පිරිසක්දැයි බව අබේරත්න මහත්මිය ප්‍රශ්න කරන්නීය.
සමඟ ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කළ තමන්ගේ නාම යෝජනාව සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් ප්‍රතික්ෂේප වූවානම් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් ඉවත්වී ඒ වෙනුවට තමාගේ නම ඇතුළත් කරන ලෙසටද ඇය ඉල්ලා සිටින්නීය.
දමිතා අබේරත්න මහත්මිය මෙසේද පැවසුවාය.
මට අහන්න තියෙන්නේ සමගි ජන බලවේගයේ ලියන්න බැරි කතා කරන්න බැරි කන් ඇහෙන්නේ නැති මිනිස්සු ද ඉන්නේ. සන්නිවේදනයේ ප්‍රශ්න තියෙන්න ඕනේ එහෙම නම් නෙ. මේවා විහිලු. ඉතින් දැන් ඔය මහලේකම්තුමා කියනවනේ සන්නිවේදනයේ ප්‍රශ්නයක් කියලා. එහෙම නම් ඉතින් ජාතික ලැයිස්තුවෙන් ඔබ තුමා අයින් වෙලා, හරි මාව දාන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල් කෑලි චූන් කලාම ඔහොම තමයි.
මෙයාට පාර්ලිමේතුවට යන්න තියෙන සුදුසුකම මොකක්ද?මෙයා හිතනවා ඇති රඟපෑමයි දේශපාලනය කරන එකයි එක වගේ කියලා.මෙයාට එකම සුදුසු කමක් නම් තියෙනවා ඒ හැකර ගලි කටක් පමණයි.මොලේ කචල් වෙලාද කොහෙද?පාර්ලිමේන්තුවේ අහලකටවත් ගන්න වටිනා කෙනෙක් නෙමෙයි මෙයා.
මේ වගේ විකාර පාර්ලිමේන්තුවට ගේන්න ඡන්දේ දෙන්නේ කවුද?
ස්වාධීනව ඉල්ලලා බලන්න තිබුනේ ඡන්ද කීයක් ලැබෙයිද කියලා බලන්න.
දේශපාලනය කියන්නෙ එක්තරා විදියක විද්‍යාවක්. ඔබේ එක වචනයක්වත් ඒ විද්‍යාව නැහැ. කරුණාකරලා තමන්ගේ වෘත්තියේ නියැලෙන්න. අපට හොඳ දේශපාලකයෝ ඕන අපේ රට ඉදිරියට ගෙනියන්න. ඔවුන්ට ඔවුන්ගේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්න.
ඒ කියන්නේ දමිතා මහජන කැමැත්ත අකමැත්ත මොකක් වුණත් බලෙන් පාර්ලිමේන්තු එන්න හිතන්නේ. දැන්ම මෙහෙම නම් ආවාට පස්සේ කොහොම වෙයිද? අපි හැමෝගේම තියන සල්ලි ටික බලෙන් උදුරාගනීවි බොරු කියලා රට අරිනවා කියන්නවත් මහන්සි නොවී. ඇහෙනකොටත් අප්පිරියයි මේ කතාව නම්...!
නැවත ඉල්ලගෙන කඩේ යන්න හදන්නේ... ජාතික ලැයිස්තුවට දානවා කියලා කිව්වොත් දමිතා අහලා වැඩ කරනවාද?
මහජනතාවට සේවය කරන්න පුදුම කැක්කුමක්නේ තියෙන්නේ. මේවාට කොහෙන් හිනාවෙන්නද?
හුරුපුරුදු රැකියාව (රඟපෑම නොවේ) කරගෙන ඉන්නේ නැතිව පාර්ලිමේන්තුවට රිංගන්න දත කන්නේ අවුරුදු 5 කොහොම හරි ඇදලා විශ්‍රාම වැටුපට හිමිකම් කියන්න වෙන්න ඇති. මේ වගේ දුෂ්චරිතවලට ඡන්දෙ දෙනවා නම් ඒ ජනතාවගේ මොළේ ප්‍රශ්නයක්...
ඔබතුමියට ඇත්තටම ආත්ම ගෞරවයක් කියලා දෙයක් තියේ නම් ප්‍රතික්ශේප වුණු තැනින් සදහටම අයින් වෙන්න. තව තව එල්ලී වචන හුවමාරුවෙන් තවත් හෑල්ලුවට ලක්වීමක්මයි සිදුවෙන්නේ...
ඔතැන ඉන්න ගොඩාක් අයට වඩා දමිතා සුදුසුයි කියලා මටත් හිතෙනවා...!
සන්නිවේදන ප්‍රශ්නයක් කිව්වේ නෝනේ අපට අහං ඉන්න බැරි එක ඔහෙගේ ටකයේ සද්දේ...!
දෙන්න නම් එපා... ලැබෙන ඡන්ද ටිකවත් නැතිවෙයි... මෙයා මේ බඩගෝස්තරයෙක් හොය හොයා කැරකෙනවා.
අනේ අක්කේ ඔයා ළමයි බලාගෙන ගෙදර ඉන්න. ඔයාට මොන දේශපාලනයක්ද මොනවද ඔයාට තියෙන සුදුකම්. කට තිබුණු පලියට දේශපාලනය කරපු කාලේ ගියා. දැන් ඒකට මොළේ තමයි ඕනෑ...
ඇත්තටම මන්ත්‍රී වෙන්නේ මොකටද දන්නේ නෑ...?
අනේ සජියෝ, දෙන්න නම් එපා...
මොලයක් තියෙන කෙනෙක් ඔය මෝඩ පුතානෝ පස්සේ යනවද හලෝ... කෙස් පැලෙන තර්ක ගෙනාවාට ඕකේ ඉන්න අය අතීතයේදීවත් රටට කළ එක වැඩක් කියන්න පුළුවන්ද? හර්ෂ කියනවා මිනිහගේ 3 වන ළමයාලු සුවසැරිය... නමුත් ඒක ඇත්තටම රනිල්ට ඉන්දියාවෙන් ලැබුණු තෑග්ගක්... එකේ අයිතිය ගැන කියන්න මිනිහට සදාචාරාත්මක අයිතියක් නැහැ...
උරුලෑවා ගිය පාරත් ගඳයිලු. මේකි ලැග්ග තැනක් ඇත්නම් ඒක වසුරු ගොඩක්... සල්ලි වංචා කරලා ඇපපිට ඉන්නේ... හැබැයි සජබයටම ගැලපෙන අසූචිගොඩ...
නළු නිළියන්ට මොන දේශපාලනයක්ද? ප්‍රසිද්ධ වේදිකාවේ ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කියලා දැන් නහයෙන් අඬනවා.
මෙයාව ජාතික ලැයිස්තුවට දැම්මොත් ඡන්ද ලක්ෂ ගානක් කැඩෙනවා. එච්චරට පච වෙච්චි කෙනෙක්...
SFට තිබිච්ච ගරුත්වය නැතිවුනේ යම්, යම් අවස්ථාවලදී කට පරිස්සම්කර නොගත් නිසා. මෙයාටත් අන්තිමට වුණේ ඒකම තමයි... මම වගේ පාඩුවේ, ගෙදරට වෙලා, බත්කටක් කවාගෙන ඉන්නේ නැතිව, ගියා පුතාණෝ එක්ක දේශපාලනය කරන්න.
අහ් එහෙමද? සරත් ෆොන්සෙකත් තමන් ගැන ලොකුවට හිතුවේ.අදි මාන්නයක් තිබ්බේ. අධිතක්සේරුවක ඉදල අවසාවෙන්පච වෙලා. බලුවෙලා මිසින් ඉන් ඇක්ශන් අද වෙද්දි දමිතා ගැනත් කියන්න වෙන්නේ ඒකමයි. ෆොන්සෙකට යුද්ධය නිසා රටේ ගෞරවයක් තිබ්බා. දමිතා කියන්නේ හැකර කටක්. කවුරුත් රෙස්පෙක්ට් නොකරන චරිතයක්. ඡන්දෙ ඉල්ලුවත් පරාදවීම ස්ථිරයි. එයාට උසාවිය හමුවේ මූල්‍ය වංචා චෝදනවක් තියන බව දමිතට අමතක වුණාට මිනිස්සු දන්නවා.
මේ නූගත් නිලිය මෙච්චර උඩ පනින්නේ මොන සුදුසුකමක් තියාගෙනද..? මෙවැනි අය හිතාගෙන ඉන්නේ, කට හැකර වාචාල කම දේශපාලනයට සුදුසුකමක් කියලා වෙන්න ඇති..? ප්‍රාදේශීය සභාවකටවත් සුදුසු නැති මෙවැනි අඥාන උද්දච්ජ කාන්තාවන් දේශපාලනයෙන් පමණක් නොවෙයි කලාවෙන් ද ප්‍රතික්ෂේප විය යුතුයි. නුගත්කම ප්‍රදර්ශනය කර තප්පුලමින් අපේ වටිනා කාලයත් නාස්ති කරනවා.
අනේ මේ පක්ශයෙන් ම නොදී ඉඳලා තියෙන්නේ එය, එසේ විය යුතු නිසයි. ලැජ්ජාවක් නැතිව දිගින් දිගටම අරක මේක, ගගා කියවනවා.. ලැජ්ජයි හැබැයි ඡන්දෙට ඉල්ලන්න. දාන්න තිබ්බේ ගූ ගහලා පැරදෙන හැටි තමන්ටම බලාගන්න. අපරාදේ ඒ චාන්ස් එක නැති කරපු එක...!
විශාල කරදරයක් වුණානේ, මෙයාට රස්සාවක් දෙන්න අය්යෝ.
දමිතා ඔබ දක්ෂ රංගන ශිල්පිනියක් ඒ පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ සහ අරගලයේදී ඔබ යම්කිසි භූමිකාවක් නිරූපණය කළා ඒ වෙනුවෙනුත් සැලකිය යුතු ස්ථානයක් තිබෙනවා. නමුත් ඒ දෙක හැරුනාම ඔබගේ චරිතයේ කලුපැල්ලම් තිබෙනවා. ඒවා පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වා සමගිජන බලවේගයේ වේදිකාවට ගොඩ කරගත්තාට එයාලට ස්තූතිවන්ත වෙන්න ඕන සහ ඔබට අවස්ථාවක් තිබුණා ඔබගේ අඩුපාඩු හදාගන්න. සමාජයේ සෙසු අයට සාපේක්ෂව ඒවා එතරම් ලොකු දෝෂත් නොවෙයි. නමුත් පරිනත වෙන්න වෙන්න ඉවසීම, විශේෂයෙන්ම වාග්සංවරය ඇති කරගන්න ඕන සහ තමන් කවුද තමන්ගේ තත්ත්වය කුමක්ද කියා තේරුම් ගත යුතුයි. ඔබ ඔය කියන මහලේකම් තුමා ගැනම හිතන්න එතුමාගේ තිබෙන මහත්මාගතිය නිසාම මාධ්‍යවේදීන් ඉස්සරහා දෝෂය තමන්ගේ හෝ පක්ෂයේ බව හැඟෙව්වා. නමුත් වෙන කෙනෙක් නම් එහෙම පිළිතුරක් දේවිද..? එතුමාගේ වචනයේ යම්කිසි කොළ එළියක් තිබුණා. දැන් ඔබ මෙහෙම කීවාම මොකද වෙන්නේ..? කරුණාකර බුද්ධිමත්වන්න සහ වාග්සංවරය ඇති කරගන්න. ඒ කියන්නේ කථා කරන්න එපා කියන එක නොවෙයි. ඔබට යම් අසාධාරණයක් සිදුවිණි නම් එතැන් පටන් ඔබ හැසුරුණු විදිය මතු මතුවට හෝ ඔබට සාධාරණයක් වෙන්න බාධාවක්.
මේවාට කොහෙන් හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ. යන්තම් අවුරුදු දෙකක් විතර දේශපාලනයයි කියලා මිනිස්සුන්ව රවට්ටාගෙන දඟලන්න හදන කෙනෙක් තමුන් ගැන ඉතාමත්ම විශාල අධිතක්සේරුවක ඉන්න නිසාත්, එහෙම කෙනෙක්ව හරියට කල්පනා නොකර බාර ගත්තු පක්ෂ නායකයකු නිසාත් ඇතිවෙලා තියෙන ප්‍රශ්නයක්. දමිතා එක්කෝ පුද්ගලිකව බල තණ්හාවෙන් වියරු වැටිලා. එහෙම නැත්නම් වෙනත් බලවේගයක් ඇයව මෙහෙයවනවා හරි කරලා පාර්ලිමේන්තු වේ යවන්න වෙනත් මොකක් හරි යටි අරමුණක් නිසා. මොනවා වුණත් හේෂා නිසා යන්තම් සමගි ජන බලවේගය විතරක් නෙවෙයි ලංකාවත් බේරුණා. අනේ මෙයාව නම් පාර්ලිමේන්තුව පැත්තටවත් එවන්න හොඳ කෙනෙක් නෙවෙයි.
මේ වගේ හෙරළියකට මොන මැතිකම්ද? කොරියාවට අරිනවා කියලා මිනිහත් එක්ක එකතුවෙලා අසරණ තරුණයන්ගෙන් මුදල් අරන් හැන්ගිලා ඉඳලා. හිරේ ගිහින්. දැන් එන්නේ බලය ටිකක් හරි අරන් මහ පරිමාණයෙන් හොරා කන්න. ලැජ්ජාවක් නැහැ මොලේකුත් නැහැ. ඒකනේ කිසිදෙයක් නොවුණු ගානට. රඟපාන්නේ. හොරකම්කරලා හිරේ ගිහින්...
අනේ අපොයි.. තවත් කක්කුස්සි කටක් නම් එපා. නූගතුන් දේශපාලනයෙන් ඈත් කළ යුතුයි.
පුදුම අමාරුවක් තියෙන්නේ. පාර්ලිමේන්තුවට රිංගගන්න. මේ අපි වෙනුවෙන්ද?
වැඩක් නැති දේවල්...
අනේ නොදන්න දේශපාලනයට නොගිහින් ඔය දාන බයිස්කෝප් 1ක් ටෙලියක් කරගෙන පාඩුවේ ඉන්න...
ඇයි දිනපු පක්ෂයේ ටිල්වින් සිල්වාට පාර්ලිමේන්තුවෙන් එළියේ ඉඳන් ලේකම්කම කරන්න පුළුවන් නම් ඇයි රන්ජිත් මද්දුමබණ්ඩාරට බැරි? වගකීම බාරගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දමිතාට දීලා දෙන්න