(ප්‍රියන්ත දසනායක)

අකුරැස්ස අධ්‍යාපන කළාපයේ  බෝපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලි අතර පිහිටි අඹ ගසකට දෙඹරුන් විශේෂයක් පැමිණ වසා ගැනීමෙන් දැඩි අවධානම් තත්ත්වයක් නිර්මාණය වී ඊයේ (09)දා පාසල වසා දැමීමට පාසල් බළධාරීහු කටයුතු කළහ.

මෙම විද්‍යාලයේ දරුදැරියන් 550දෙනෙකු අධ්‍යාපනය ලබන අතර අද පාසල් ආරම්භ වී පැය දෙකකට පසු ගුරුවරුන්ගේ විපරම් ශීලී බව නිසා කිසිදු අනතුරකින් උපද්‍රවයකින් තොරව සිසුදරුදැරියන් පාසලෙන් ඉවත් කිරීමට විදුහල්පති ග්‍රේටා ගුණසේකර මහත්මිය ගුරුවරුත් හා අනධ්‍යයන සේවකයන් එක්ව ක්‍රියාකළ බවත් ඔවුහු පැවසූහ.

අසල්වාසීන් පාසලේ ගුරුවරුත් සේවකයන් ඉල්ලා සිටින්නේ ඇති අවධානම සලකා කඩිනමින් මෙම ඹබරු රෑන පාසල් භූමියෙන් ඉවත් කිරීමට කඩිනමින් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිති.

 ප්‍රදේශයේ මීට වසර කීපයකට බඹර ප්‍රහාරයකට මැදිවූ දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් දැඩි අවධානමක් ඇති බැවින් හෙට (10)දා පාසල් පැවැත්වීමටද නොහැකි වනු ඇතැයිද ඊයේ  පස්වරුවේ 6න් පසු වනජීවි නිළධාරින් පැමිණ ඉවත් කර දීමට පොරොන්දු වූ බවත් විදුහල්පතිනිය පැවසුවාය.