(ප්‍රියන්ත දසනායක)
අකුරැස්ස අධ්‍යාපන කළාපයේ බෝපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලි අතර පිහිටි අඹ ගසකට දෙඹරුන් විශේෂයක් පැමිණ වසා ගැනීමෙන් දැඩි අවධානම් තත්ත්වයක් නිර්මාණය වී ඊයේ (09)දා පාසල වසා දැමීමට පාසල් බළධාරීහු කටයුතු කළහ.
මෙම විද්‍යාලයේ දරුදැරියන් 550දෙනෙකු අධ්‍යාපනය ලබන අතර අද පාසල් ආරම්භ වී පැය දෙකකට පසු ගුරුවරුන්ගේ විපරම් ශීලී බව නිසා කිසිදු අනතුරකින් උපද්‍රවයකින් තොරව සිසුදරුදැරියන් පාසලෙන් ඉවත් කිරීමට විදුහල්පති ග්‍රේටා ගුණසේකර මහත්මිය ගුරුවරුත් හා අනධ්‍යයන සේවකයන් එක්ව ක්‍රියාකළ බවත් ඔවුහු පැවසූහ.
අසල්වාසීන් පාසලේ ගුරුවරුත් සේවකයන් ඉල්ලා සිටින්නේ ඇති අවධානම සලකා කඩිනමින් මෙම ඹබරු රෑන පාසල් භූමියෙන් ඉවත් කිරීමට කඩිනමින් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිති.
ප්‍රදේශයේ මීට වසර කීපයකට බඹර ප්‍රහාරයකට මැදිවූ දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් දැඩි අවධානමක් ඇති බැවින් හෙට (10)දා පාසල් පැවැත්වීමටද නොහැකි වනු ඇතැයිද ඊයේ පස්වරුවේ 6න් පසු වනජීවි නිළධාරින් පැමිණ ඉවත් කර දීමට පොරොන්දු වූ බවත් විදුහල්පතිනිය පැවසුවාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දෙබරු පාසල් ඇවිත් ළමයි ගෙදර
චිරන්ත Monday, 09 January 2023 05:45 PM
ඔය ඉන්න ගමන් මැස්සො ටිකක් .ඒ මීමැස්සො තමන්ට ලැගුම් ගන්න තැනක් ලැබෙන තුරු ඉදීවි කොහොමත් දිනකින් දෙකකින් යාවි කාටවත් හිරිහැරයක් වෙන්නෙ නැහැ මී මැස්සො පාලනය කරන කෙනෙකුට අල්ලාගැනීමට හැකිනම් හොදයි. දෙබරු ඔහොම රංචු එන්නෙ නැහැ.