
(අංජුල මහික වීරරත්න)
දීපවාලි උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබා දෙන උත්සව දීමනාව රුපියල් දස දහකින් ඉහල දමා ඇතැයි පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.
රාජ්‍ය වැවිලි සමාගමේ (SPC), ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) යටතේ පාලනය වනු ලබන වතු සමාගම් වල සේවකයින්ට මෙම උත්සව දීමනාව ලබා දීමට නියමිතය.
මීට පෙර වර්ෂ වල රුපියල් දස දහසක් වූ දීපවාලි උත්සව අත්තිකාරම මෙම වර්ෂයේ විසිදහසක් වනු ඇතැයි අමාත්‍යංශය පවසයි.ජීවන වියදමට සහනයක් දීමේ අපේක්ෂාවෙන් රජය මෙම පියවර ගත් බව අමාත්‍යංශ ලේකම් බී.කේ ප්‍රහාත් චන්ද්‍ර කීර්ති මහතා පැවසීය.
දීපවාලී උත්සවය හෙට( 31) දිනට යෙදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd