
(අංජුල මහික වීරරත්න)
දීපවාලි උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබා දෙන උත්සව දීමනාව රුපියල් දස දහකින් ඉහල දමා ඇතැයි පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.
රාජ්‍ය වැවිලි සමාගමේ (SPC), ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) යටතේ පාලනය වනු ලබන වතු සමාගම් වල සේවකයින්ට මෙම උත්සව දීමනාව ලබා දීමට නියමිතය.
මීට පෙර වර්ෂ වල රුපියල් දස දහසක් වූ දීපවාලි උත්සව අත්තිකාරම මෙම වර්ෂයේ විසිදහසක් වනු ඇතැයි අමාත්‍යංශය පවසයි.ජීවන වියදමට සහනයක් දීමේ අපේක්ෂාවෙන් රජය මෙම පියවර ගත් බව අමාත්‍යංශ ලේකම් බී.කේ ප්‍රහාත් චන්ද්‍ර කීර්ති මහතා පැවසීය.
දීපවාලී උත්සවය හෙට( 31) දිනට යෙදී ඇත.
2025 දෙසැම්බර් මස 30
134
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
758
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දීපවාලි උත්සව අත්තිකාරම් වැඩි කරයි