IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


දෙපිරිසක් ගැටී පහක් රෝහලේ

(හේමපාල ලියනගේ)

මාපලගම කැටගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාම හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මෙම තුවාලකරුවන් උඩුගම රෝහලට ඇතුලත් කරන ලදුව බරපතල තත්වයේ පසුවූ තුවාලකරුවන් තිදෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.ඉන් අසාධ්‍ය තත්වයේ පසුවූ එක් අයකු දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබූබව රෝහල් ආරංචි මාර්ග පවසයි.

තුවාල කරුවන් සිව්දෙනකු තවලම ඇලඉහල පදිංචිකරුවන් වන අතර එක් අයකු මාපලගම අළුත්ඉහල පදිංචි කරුවෙකි. ඔවුහු අවුරුදු 21,27,32,34,24, යන වයස්වල පසුවූවෝ වෙති.

පරණතානායම්ගොඩ ප්‍රදේශයේ පැවති පිරිත් ගෙදරක ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එක් අයකුගේ නිවසට පහරදී අලාබ සිදුකිරීමට පළිගැනීමක් ලෙසට මෙම ප්‍රහාරය එල්ල කර ඇතිබව පැවසේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු ප්‍රදේශය හැර ගොස් ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

දෙපිරිසක් ගැටී පහක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 284 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1227 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site