
(හේමපාල ලියනගේ)
මාපලගම කැටගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාම හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මෙම තුවාලකරුවන් උඩුගම රෝහලට ඇතුලත් කරන ලදුව බරපතල තත්වයේ පසුවූ තුවාලකරුවන් තිදෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.ඉන් අසාධ්‍ය තත්වයේ පසුවූ එක් අයකු දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබූබව රෝහල් ආරංචි මාර්ග පවසයි.
තුවාල කරුවන් සිව්දෙනකු තවලම ඇලඉහල පදිංචිකරුවන් වන අතර එක් අයකු මාපලගම අළුත්ඉහල පදිංචි කරුවෙකි. ඔවුහු අවුරුදු 21,27,32,34,24, යන වයස්වල පසුවූවෝ වෙති.
පරණතානායම්ගොඩ ප්‍රදේශයේ පැවති පිරිත් ගෙදරක ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එක් අයකුගේ නිවසට පහරදී අලාබ සිදුකිරීමට පළිගැනීමක් ලෙසට මෙම ප්‍රහාරය එල්ල කර ඇතිබව පැවසේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු ප්‍රදේශය හැර ගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd