(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතල කණ්ඩායම් දෙකක් අතර මතුගම ප්‍රදේශයේ පවතින ආරවුලක් හේතුවෙන් පුද්ගලයකු කපාකොටා ඝාතනය කර ඇති බවත්, තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් කර ඇති බවත් මතුගම පොලිසිය පවසයි.
මතුගම, බෝපිටිය පාසල අසල දී නාදුනන පිරිසක් විසින් පහරදීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මතුගම , බෝපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී වඩුම්මුනිගේ දොන් ඉන්දික තුෂාර නමැති 39 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැත්තෑව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd