(වියලුව වාර්තාකරු )

මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යෑමෙන් සිදුවූ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකුට අද (23)  මීගහකිවුල දිසා රෝහලට හා  හා බදුල්ල    ශීක්‍ෂණ රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි කන්ඳකැටිය පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේ පදිංචි  අවුරුදු 19, 23 හා 27 වයස්වල පසුවන තරුණයින් තිදෙනෙකි.

පැරැණි කෝන්තරයක් ගැටුමට හේතුවී   ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.