
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ වර්ෂයේ අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන බවද මෙමගින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා කීය.
මේ සා විශාල ප්‍රමාණයක මුදල් සහනාධාරයක් ඉතිහාසයේ කිසි කලෙක ලබාදී නැතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
වසරකට සංචාරකයන් ලක්ෂ 50ක්
2022 අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9% ක් වූ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය, 1977න් පසු පළමු වරට 2023 වසර අවසානයේදී අතිරික්තයක් ඇති කර ගත හැකි වූ බව 9 වන පාර්ලිමේන්තුවේ පස් වන සැසිවාරය විවෘත කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් කර ගැනීමට හැකි වූ බවත් නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වූ 6 වැනි අවස්ථාව මෙය බවත් ජනාධිපතිවරයා කීය.
2021 වසරේදී 194,495ක් වූ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2023 වසරේදී 1,487,303ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ අතර මේ වසරේ ජනවාරියේදී පමණක් 200,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි බව ජනාධිපතිවරයා පැවසීය. වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව බවද සඳහන් කළේය.
ආර්ථිකය ප්‍රකෘති කළා
ශ්‍රී ලංකා ආර්ථිකය කෙටි කලකදී ප්‍රකෘති කිරීම ලෝක වාර්තාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"දිගුකාලීන වේදනා හා දුෂ්කරතාවයකින් තොරව අප රටේ ආර්ථිකය ප්‍රතිසාධනය කර කරගන්න හැකි වුණා.
ග්‍රීසියට දිගු කලක් වේදනා විඳින්නට සිදුවුණා.ඔවුන්ට ආර්ථිකය ප්‍රකෘතිමත් කරගන්නට වසර දහයක් ගත වුණා. අපට කෙටි කලකදී සුවිශේෂ ජයග්‍රහණ ලබා ගන්නට හැකිවීම ලෝක වාර්තාවක්.
එය අහම්බ සිද්ධියක් නොවේ. ඉතා පරිස්සමෙන් සැකසූ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන් ඒ තත්ත්වය උදාකර ගත්තා.
අපට අවාසි උනත් රටට හිතකර තීන්දු ගැනීමට අප පසුබට වුණේ නැහැ.පෞද්ගලික අභිලාස පසෙකලා රට වෙනුවෙන් තීරණ ගත්තා."
අර්බුදයට ශාප කරමින් සිට අර්බුද විසඳන්න බෑ
අර්බුද වලින් ගොඩ එන්න පුළුවන් වන්නේ අර්බුදවලට ශාප කරමින් සිටීමෙන් නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.
ජනපති එහිදී මෙසේද කීය.
ලෝකය විවිධ අර්බුදවලට මුහුණ දුන්නා. රටවල් අර්බුද වලට මුහුණ දුන්නා. පෞද්ගලික ජීවිත අර්බුද වලට මුහුණ දුන්නා.සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩ ආ අතර සමහර අවස්ථාවලදී අර්බුදවලට ගොඩ එන්න බැරි වුණා.
තමා තමාටම පහනක් වන ලෙස බුදුන් වහන්සේ පවසා තිබෙනවා.අපටම අප පහනක් උනේ නැතිනම් අපට යහපතක් නැහැ. රටටත් යහපතක් නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොද වැඩක් .ඔබතුමා මේ රට ගොඩගත්තා. ඉදිරියටත් මේ හොද වැඩ කරන්න අනාගතය සුබයි.
මට බ්‍රේස්ලට් එකක් අවශ්‍යයි
ප්‍රතිපත්ති කතාවක් නොවෙයි කරලා තියෙන්නේ චන්ද රැස්වීමක කතාවක්, ඊළග වතාවේ සර්ව පාක්ෂික අපේක්ෂකයා වෙන්න පෙරුම් පුරනවා. ඒක හාල් කිලෝ විස්සක් දීලා කරගන්න පුළුවන් සරළ සිල්ලර වැඩක් කියලා හිතාගෙන ඉන්නේ. ජනතාව අන්ත හිගන තත්වයට පත්කරලා හාල් කිලෝ විස්සක් දීලා චන්ද මංකොල්ල කන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න මෝඩ මහලු පිනෝ දැන් කාලය වෙනස් තාලය වෙනස් බව දැන ගනින්.
20 මදි ලොක්කා චන්දෙ දෙන්න
මුලින්ම චුයින්ගම් , ඊටපස්සේ බ්‍රේස්ලට් , ,ටැබ්ලට් , දැන් හාල් කිලෝ 20ක් , දුප්පත් කට්ටිය වැඩිවෙන තරමට රනිල් මහතාට දේශපාලනය කරන්න පුළුවන්
මේවා අර ලිංගික අල්ලස් අරන් රස්සා දෙනවා වගේ වැඩ.....
මට මේවට බත් කලා ඒවා ජිර්ණය වුනාම පිට කරන තැනින් හිනා යනවා... අලුත් අවුරුද්දේ ඒ හාලුත් අර ගෙන මාලිගාවට කතිරෙ ගහන්න අපි සැදි පැහැදි ඉන්නවා ඔං.
නිකන් කන්න බලාගෙන ඉන්න පිරිසක් මේ රටේ ඉන්නකම් මේ රට හදන්න බෑ.හැමදාව මිනිස්සු අහුඋනේ ඕවා ගන්න ගිහින් තමයි. මේ පාරත් ඕවා කනවද? කෑවට කමක් නෑ බැරිමනම් නමුත් අහුවෙන්න එපා.
එහෙනම් රජයේ සේවකයන් සියළු දෙනාටම දෙන්න වෙයි.
ඔබත් ඒවා ගෙනඑන්නේ හඳෙන්ද?
ඡන්ද ලක්ෂ 100ක් ගන්න දමන උප්පරවැට්ටි මොනවාද? මොන උප්පරවැට්ටි දැම්මත් ඡන්ද පන්ලක්ෂයක් ගන්න හැකිවෙන්නේ නැහැ මුළු රටින්ම...!
හාල් කිලෝවලට ඡන්දෙ දුන්න කාලේ ඉවරයි පප්පේ. ඔබලා මේ රට කාලා කාලා දැන් හාල් ටිකක් දීලා මිනිස්සුන්ව අන්දන්න හදනවා. මේ පාර නාකිපරපුරටම ගෙදර යන්න වෙනවා.
රැවටෙන්න නම් එපා... පසුතැවෙන්න වේවි...!
මේ කියලා තියෙන දේ නොතේරෙන මෝඩ ජනතාව අපි මාලිමාවට කිය කියා රස්තියාදු වෙනවා. රටක් පාලනය කරනවා කියන එකේ බැරෑරුම්කම එයාලගේ සිල්ලර බුද්ධියට වැටහෙන්නේ නෑ. එයාලාගේ නායකයෝ කියන විදියට පේමන්ට් එකේ ඉන්න කෙනෙක්ටත් ආර්ථිකය ගොඩගන්න රට ගොඩගන්න පුළුවන්. එහෙම නිසයි මෙච්චර කල් මහපාරේ රස්තියාදු වෙච්චි එයාලා ආණ්ඩුව ඉල්ලන්නේ. අපි දැක්කනේ එයාලාගේ නායකයෝ රට වැටුණු වෙලාවේ පැනලා දුවපු හැටි... දැන් මේ මනුස්සයා ආර්ථිකය මේ මට්ටමට හරි ගොඩ ගත්තාම කට්ටියගේ කටවල්වලට පණ ඇවිල්ලා තියෙනවා. දැන් ඔක්කෝම පොරවල් වෙලා.
මෙයාලා හිමදාම බදුසල්ලි ටික නිකන් දීලා එයා සැප විඳිමින් අපිව හිඟන්නන් කරපු එක විතරයි කළේ...!
අරවින්ද මොණරවිල පිස්සුවෙන් දොඩවනවා. මාලිමාව පැරදුණාම පිස්සන් කොටුවට යන්න වෙන සෙට් එකේ එයත් ඉන්නවා...
හාල් කිලෝ විස්සට දෙකට නැමුණු කාලේ ගියා පප්පේ, කාලෙට ඡන්දේ තියන්න මොකද වෙන්නේ බලන්න...
කමෙන්ට් කරපු ගොඩක් අයට ඇත්ත තේරෙන්නේ නෑ. ගිනිගෙන දැවෙන රට භාරගත් තැනැත්තා ජනාධිපතිතුමායි. රට බාර ගැනීමට කිසිවකු නොසිටි අතර ජාත්‍යන්තර හා දේශපාලන අත්දැකීම් ඇති එකම නායකයා ඔහුයි. දේශපාලනය එහෙට මෙහෙට වෙනස් කර රටතුළ නිසි ක්‍රමවේදයක් ඇති කිරීමට කිසිවකු කළ නොහැකියි. එබැවින් රටවල් ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉදිරියට යාමට අපි ඔහුට සහය දිය යුතුයි. සෑමවිටම බඳුනේ කිඹුලන් සොයන්න එපා...!
අකිල ළමයෝ ඔයා දන්නේ නෑ... ඒ සල්ලි අරන් කරපු දේවල්. මුලින්ම කළේ විදේශ සංචිත ඩොලර් බිලියන අටට නග්ගපු එක... ඊට පස්සේ ණය වාරික ගෙව්වා. ඊටත් වඩා රටේ සංවර්ධනයට යෙදෙව්වා. සෞඛ්‍ය සේවයටම කොච්චර මුදල් වෙන් කළාද? මෙගාපොලිස් වැඩසටහන, උදාගම් ව්‍යාපාරය තව කොච්චරක්ද? ඔයාලා පොඩි වැඩියි ඕවා තේරුම් ගන්න...!
1977 ඉඳලා, පස්වතාවක් අගමැති පේනවා නේද? ආඩම්බරයෙන් හාල් කිලෝ 20ක් දෙනවා කියලා කියන ලස්සන...!
තව අසරණවෙලා ඉන්න මිනිස්සුන්ගෙන් බදු ගහලා ඒ මුදල්වලින් හාල් බෙදන්න. එතකොට රටත් සංවර්ධනය වෙයි. ඡන්දෙත් දෙයි නිකං කන්න බලාගෙන ඉන්න හාල්පාරුවෝ...!
බොහෝමයක් කමෙන්ට්ස් දැක්කාම මට නම් අර කොහෙන්ද මන්දා හිනා යනවා.. අර්බුධය මතුපිටින් දැකලා අර්බුධය තලු මරමින් අර්බුධ ඇතිකළ අයටම දෙකට බෙදී ආවඩනවා... මහබැංකු මංකොල්ලය, ඩොලර් මිලියන තුන්සිය ගණනක් වැය කරමින් චිචී කොල්ලා ජොලියට යැවූ රොකටය, නිරුපමා රාජපක්ෂගේ පැනමා පේපර්ස් වල ඇති ඩොලර් මිලියන, මිග් යානා ගනුදෙනුවෙන් මේ රටට කල ඇති අලාභය, කඩා වැටෙන ග්‍රීසියේ බැඳුම්කර ආයෝජනය, හෙජින් තෙල් ගනුදෙනු සූදුව, සීනි බදු වංචාව, ව්‍යාපාරිකයින් ගේ ඍජු බදුවලට සහන දෙමින් රාජ්‍ය ආදායම අහිමි කර ගැනීම, කාබනික වගාවක් නිසා දේශීය ගොවිතැන විනාශ වීම, ආර්ථිකය ගැන මෙලෝ දැනුමක් නොමැති ඇමරිකන් සොහොයුරා හිතුමතේ රුපියල් කොළ අච්චු ගැසීම වැනි කරුණු. සමහරක් බක පණ්ඩිතයෝ කියන ලෙස, පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගයකින් තොරව පත් වෙන ජනාධිපති වරයෙකුට පැවැත්මක් තිබිය හැකිද..? රාජපක්ෂ සමයේ මේ රටේ ආර්ථිකය විනාශ කළා යයි පැවසු, වික්‍රමසිංහ අද ආර්ථිකය ගොඩ ගන්නේ කොහොමද.? යුධ සමයේ වත් බංකොලොත් නොවුන ආර්ථිකය බංකොලොත් වුයේ කෙසේද..? දැන් ලංකාවේ ආර්ථිකය හොඳද? "ලෙඩා උන්නු හැටියට මළා මදිද" නේද..?
සුපුරුදු ඡන්ද ගුණ්ඩු...!
කලින් හිටපු ජනපතිලා ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යෙය් දැක්ම යහපාලනේ තාරුණ්‍යයට හෙටක් කියලා ජනතාව ඇන්දුවා. පින් ජනපතියා හාල් පිනට දෙනවා කියලා ජනතාව අන්දවන්න හිතාගෙන ඇති...!
හාල් කිලෝ 20ට තමන්ගේ වටිනා ඡන්දෙ පාවලා දෙනවද කියලා ඔබම තීරණය කරන්න.
බදු අඩු කරන්න. නොමිලේ හාල් එපා...
අනේ කොච්චර දෙයක්ද. අපිට දැන් මේ දෙන හාල් වලින් බිරියානි හරි නාසි රයිස් එකක් හදන් කාලා, රත්‍රන් බ්‍රෙස්ලට් එකක් දාගෙන, අලිමන්කඩට ... සොරි සොරි, පාමන්කඩට ගිහිල්ලා ළමයට ලප්ටොප් එකක් අරගෙන, චුඉන් ගම් කකා වොක්ස් වැගන් එකෙම එන්න පුලුවන් නෙ.
ධාන්‍ය කිලෝග්‍රෑම් අටක් ලබාදීමට ද ජේ.ආර්.ජයවර්ධන පොරොන්දු වෙයි. කරුණාකර සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම සහල් කිලෝ විස්සක් ලබා දෙන්න.
ඕවා දෙන්න වෙන්නේ නැහැ එයිට කලින් බඩගින්නේ මැරෙනවා .දැන් ඕක දුන්නම අපට කන්න දීපු උත්තමයා කියලා පෝලිමේ ඇවිත් චන්දෙ දෙයි නේද ?අම්මපා තවමත් හිතන්නේ අපි හරක් කියලා
මහ ජනතාවට ඔය හාල් වලින් වැඩක් නැහැ. ඔය නඩේමකෑවානම් ඉවරයි. හාල් කිලෝ 20 ගාන්ස්ට අසරන මිනිසුන්ව මායිම් කරන් ඉන්නෙ. මී හරක් රෑනට වෙන්කරන්නෙ කෝටි ගනන් මිල අදික වාහන. බිල් රහිත නිවාස. ආරක්ශාව මිනිස්සු ඔය තරම් නිවට මුන්ගෙ හාල් කන්න. මුන්ට වැඩිය හොෆ්හට මිනිස්සු හම්බ්කරන් කනවා. මුන් තම්‍යි මිනිසුන්ගෙ සල්ලි වලින් හොරා කන්නෙ. ඔය සැප විෆ්හින එකෙක් මහන්සි වෙලා රැකියාවක් කරනවද. ඔය හාල් එකතුකරලා. මුන්ගෙ දානේ ලැස්තිකරලා බල්ලන්ට දුන්නානම් හරි .
හාල් වලට අමතරව බත් උයන්න කුස්සියට හට්ටි මුට්ටි වලිනුත් දෙන්න .සල්ලි නැතුව ඒවා උකස් කඩේ
ඔබතුමා යහපාලනය කාලයේ අගමැති වෙලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා රවි මුදල් ඇමතිවරයා හරහා 15% ක ස්ථාවර තැන්පතු සදහා පොලියක් දුන්නා ඉතින් පුද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින් ලෙසට ලැබුණු පාරිතෝශික හා අර්ථසාධක යොදාගෙන ස්ථාවර තැන්පතු අරඹා එයින් ජීවත්වුනා ඒත් ගෝඨාභය ආණ්ඩුව අරගෙන රට බංකොලොත් කර ඔබතුමාට දුන්නා ඔබතුමා අපිට ලබාදී තිබුන පොලිය මේ වනවිට 10%කට අඩුකර අපව ඉතාමත් දැඩිසේ පීඩාවට පත්කලා පසුගිය අයවැය මගින් 2500/=සොච්චම් ගණනක් ජනවාරියේ සිට ගෙවනවා කිව්වට ඒකත් නැහැ ඔබ 2015 ආණ්ඩුව ගත්තාට පසුව රජයේ සේවකයින් සදහා විශාල වශයෙන් වැටුප් වැඩිකලා 2019 විශ්‍රාමිකයින් සදහා යම් වැඩිකිරීමක් කලත් ඒක ලැබූ වැටුප් අනුව නොවෙයි තේරුම් ගන්න බැරි සමහර විට දේශපාලන හිතවත් කමට වෙන්න පුළුවන් විවිධාකාරයෙන් වැඩිකිරීම කර ගෙවීම් කලා ඒ ගැන ලිඛිතව කිව්වම අඩු කෙනාට තවත් අඩුකලා එහෙම ඒවා අනන්තවත් කලා ඉතින් ජනාධිපතිතුමා එහෙම අසාධාරණ අපිට වෙලා තියෙනවා කියලා මතක් කරන්න කැමතියි ඉතින් රටේ අන්ත දුගියන්ට දෙන යමක් තියෙනවා නම් යහපාලනය කාලයට පෙර විශ්‍රාම ලැබූ අපිටත් දෙන්න කියලා ඉල්ලනවා
හැමෝටම හාල් 20 ලැබෙයි .එතකොට රට ගිහින් ලෙඩ රෝග වලට ගොදුරු වී ඇති පවුලට මොනවත් ලැබෙන්නෙ නැහැ නේ
රනිල් මහත්තියා බලයේ ඉන්නකම්ම හාල් දෙනවැයි...
කිසිම දෙයක් ලැබිය යුතු අයට ලැබෙන්නේ නෑ .ඒකයි ඇත්ත .කාටවත් කඩේ ගියාට වැඩක් නෑ
මේ කොමෙන්ටු වලට ලයික් අන්ලයික් ගහන්න වෙනම්ම වහල්ලු සෙට් එකක් දාල වගේ නම් පේනවා
පාර්ලිමේන්තුවට එන්න තරම්වත් නුසුදුසු නෑ කියලා දේශපාලනයෙන් සදහටම එලවාපු.. අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ ඉඳන් කරපුවා හදන්න අපිට බණ කියනවා.. ඉන්න මාස කිහිපය පාඩුවේ ඉන්න.
පිනා...!
හාල් විතරක් නොවෙයි දෙන ඕනම දෙයක් අපි ගන්නවා. හැබැයි අපි ඡන්දේ දෙන්නේ මාලිමාවට...