(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
මේ පිරිස දරිද්‍රතාවයට පත්ව ඇත්තේ ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමිවීම සහ ආදායම් කඩා වැටීම යනාදී හේතූ නිසා බවද ලෝක බැංකුව සඳහන් කරන්නේ යැයි ඔහු සඳහන් කළේය.
ලෝක බැංකුව පහළ මධ්‍යම ආදායම්ලාභී දරිද්‍රතා රේඛාව වන දිනක වියදම ඩොලර් 3.65 සීමාව සැලකිල්ලට ගෙන කළ අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මේ අතර මේ වර්ෂයේදී දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ලක්ෂ දෙකකින්ද ලබන වර්ෂයේදී එම සංඛ්‍යාව ලක්ෂ තුනකින්ද වශයෙන් සුළු අගයකින් අඩුවිය හැකි බව එම බැංකුව පුරෝකථනය කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රගතියට අදාළව නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පින් ජනාධිපති රනිල් කියන්නේ එයා ආර්ථිකය උස්සලා තියනවා කියලා...!
ගෝඨාභය යනකොට ලක්ෂ 20, දැන් ලක්ෂ 57ට නැගලා... ඉතින් කට්ටිය කියනවා රනිල් ආර්ථික ඔස්තාර් කෙනෙක්ලු...
ඉතාමත් නිවැරැදියි කියන්න පුළුවන්. මොකද ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ලබාදුන් 15% පොලිය කපාගෙන ඔවුන් හිඟමනට බස්සවා ඒ මුදල් ඇති හැකි අය සැනසීමට අස්වැසුම ලෙසට දෙනවා. ලංකාවේ වගාකරන්න පුළුවන් දේ ආනයනය කර ගොවීන් හිඟන්නෝ කරනවා. ඉතින් දුප්පතුන් ලක්ෂ 57 ක් නොවෙයි 69 ක් (දැන් 68යි මොකද නූගතුන් ලක්ෂයකට රැකියා දුන්නු නිසා) වුණත් ආර්ථිකයේ සංවර්ධනයක් නැතුව කකා බිබී සිටින නිසා වාර්තාව ගැන කිසිම පුදුමයක් නැහැ...
අදහාගත නොහැකිය. දියුණු වීම...!
රාජපක්ෂලාත් මේ කන්දේ ඉන්නවාද දන්නේ නෑ.
69 ලක්ෂයට ලක්ෂ 12ක් තව අඩුයි. ඔහොම යමු. ඔහොම යමු...
දේශපාලකයෝ නම් කියන්නේ දැන් රට ගොඩ කියලා. ගොඩ කියන්නේ ජනතාව නෙවෙයි, එයාලා කියලා වෙන්න ඇති කියන්නේ...!
රට දැන් ගොඩ කියලා කියන්නේ ඕක වෙන්න ඇති. ඉතුරු ටිකත් දුප්පත් වුණොත් රට ගොඩම තමයි.
අපරාදේ කියන්න බැහැ ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්නලා ජනතාව අන්දවපු ඇන්දිල්ලක තරම...
දුප්පතුන් ලක්ෂ 57 කට නැගලා කියලා එකපාරටම කියෙව්වාම මට අමුතු අමුතු දේවල් හිතෙන්න ගත්තා.