
(අංජුල මහික වීරරත්න)
දුප්පතාගේ හිතවතා විය යුත්තේ දුප්පතා නොව උගතුන් පොහොසතුන් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
කිසිම කෙනෙක් අතහැර ගමන යන්නට නොහැකි බව කී වජිර අබෙිවර්ධන මහතා සියලුදෙනාම එකමුතු වී ගමන යා යුතු බව කීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට නිසැක වශයෙන්ම ලෝකයේ බලවත් රාජ්‍යයක් බවට පත් කරන බව කී අබේවර්ධන මහතා ජනපතිගේ වැඩපිළිවෙල ගැන විවේචන තිබේ නම් ඒ ගැන පාර්ලිමේන්තු ජාතික සභාවට කියා තමන්ගේ විසඳුම ඉදිරිපත් කරන්නැයි පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිසවේ පලමු ආසන සම්මේලනයට සහභාගී වෙමින් අබේවර්ධන මහතා මේ බව කීය.නාවුල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මෙය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොමයක් පොහොසත්තු ඒකාලේ දුප්පත්තු. නැද්ද අම්මපා?
දුප්පත් මිනිස්සු ඉවරයි. ඔබ අනුව.
එහෙනම් ක්‍රියාවෙන්ම පෙන්නන්න. තමුන් ඉතා විශාල ධනස්කන්ධයකට හිමිකම් කියනවනෙ.
බොරු කයිය විතරයි. මොනවද දුප්පත් මහජනතාව වෙනුවෙන් කෙරුවේ?