IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දූපත් සංවර්ධන අධිකාරියක් පිහිටුවීමට යයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් ස්ථාපනය කිරීමට යයි.

රටවටා පිහිටි දූපත් සමූහය සංවර්ධන කර රටේ ආර්ථිකයට වඩාත් ඵලදායී  ලෙස යොදා ගැනීමේ අරමුණින් මෙම නව අධිකාරිය ස්ථාපිත කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා දූපත් සංවර්ධන  අධිකාරිය පිහිටුවීම සදහා වන කැබිනට් පත්‍රිකාව නුදුරේදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පවසයි.

රට වටා දූපත් 60 කට අධික ප්‍රමාණයක් පිහිටා ඇති අතර මෙම දූපත් සමූහය සංවර්ධනය කර සංචාරක ආකර්ශනය ඉහළ නංවා ගැනීමෙන්  මෙරට ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස යොදාගත හැකි බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ලොව බොහෝ රටවල පිහිටි දූපත්වල ආර්ථික විභවතාවයන් ඇගයීමට ලක්වුවද ශ්‍රී ලංකාව වටා පිහිටි කුඩා දූපත්වල ආර්ථික විභවතාවයන් මෙතෙක් නිසි ඇගයීමට ලක්ව නැති බවද අමාත්‍යවරයා  සඳහන් කරයි.



අදහස් (6)

දූපත් සංවර්ධන අධිකාරියක් පිහිටුවීමට යයි

de silva Tuesday, 04 October 2022 01:41 PM

ඔකත් අර රත්මලාන ගුවන්තොටුපල ජත්යන්තර ගුවන්තොටුපලකරල විශාල මුදලක් විනාශ කලා වගෙ වැඩක් , රට පුරා ගොඩබිමෙ සහ දූපත් වල හදපු සංචාරක හොටල විශාල සංඛ්‍යාවක් තිබෙනව , නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නෙ ලංකාවට සංචාරකයො එන්නෙ නැති එක , සංචාරකයො ගෙන්න ගන්න ඔනෙ නම් ඔවුන්ට ගුවන්තොටුපලෙදි ඉන්ඩන කෝට QRර්‍ එකක ලබාදෙන ක්‍රමයක් සකස් කරල , ඔවුන්ට 2019 දි වගෙ ගුවන්තොටුපලෙදී නොමිලෙ ඔන් අරයිවල් විස දෙනක්‍රමයක් ස්තපිත කරල , හොඳ ප්‍රචාරයක් දෙන්න , මෙ කියන දුපත් සංවර්දනය කරන්න කියල ප්‍රකෝ ගනනක් නාස්ති කරල වැඩක් නැහැ , කෙටියෙන් කියනවනම් තිබෙන සම්පත් භවිත කරල අඩු පිරිවැයකින් ලබන සිසන් එක ගොඩ දමන්න කටයුතු කරන්න

:       0       5

senaTuesday, 04 October 2022 03:02 PM

ඔය මොකක්වත් නැහැ මෙයාලා බලන්නේ සංවර්ධනයට කියලා උතුරේ තියන දූපත් ටික විකුණන්න

:       0       0

sena Tuesday, 04 October 2022 01:57 PM

මෙයාලා කරන සංවර්ධනයක් නැහැ .ෂුවර් එකටම විකුනන්න යන්නේ

:       0       0

Hafeel Tuesday, 04 October 2022 02:10 PM

එතකොට තව තව දුපත් ඇති කරන්න කියමින්මු, හුදු ගොඩ කරන නමින් කප්පම් ගන්නත් පුළුවන්.

:       0       6

Prabha Tuesday, 04 October 2022 02:34 PM

සංවර්ධනය කරල දෙන්න කියල සන්තොසම් එහෙම ඉල්ලන්න එා

:       0       5

විපරමා Tuesday, 04 October 2022 03:43 PM

කලින් සංචාරක ඇමතියා වෙලා හිටපු කාලේ කයිවාරු ගැහැව්වා මිසක් කරපු දෙයක් නැහැ.දූපත් අදිකාරියක් පිහිටුවන්ඩ හදන්නේ කප්පම් ගන්ඩ හිතාගෙන වෙන්ඩැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site