IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත්  ආයෝජකයන් පස්දෙනකු  රුපියල් හය කෝටියකට ආසන්න බදු  මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම බදු මුදල් අයවීමට නියමිතව ඇතැයි පැවසෙන්නේ ඉප්පන්තිව්, වෙල්ලයි,සින්න ඉරමතිව් දූපත, ඉරමතිව් බටහිර දූපත, සින්න ආරච්චල් සහ  ඉරමතිව්  යන දූපත්වලිනි

මේ අතර කල්පිටියේ තවත් දූපත් හයකට අයත් ඉඩම් අක්කර 457 ක් ජනපති නිදහස් දීමනා ලෙස සංචාරක සංවර්ධන අධිකාරියට පවරා තිබුණද එම ඉඩම් ආයෝජන සඳහා යොමු කිරීමට වසර දහයකට වැඩි කාලයක් ගත වී තිබූ බව  වාර්තාවේ දැක්වේ.

මේ අතර  යාල සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේ දුර්වලතා හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ හේතුවෙන් යාල පලටුපාන සංචාරක කලාපයේ විවිධාංගිකරණය වූ පාරිසරික  අත්දැකීමක් සංචාරකයන්ට ලබාදීමට තිබූ අවස්ථාව මග හැරී ගොස් ඇති බව වාර්තාව සඳහන් කරයි.

එසේම දූහිඳ ඇල්ල ආශ්‍රිතව පරිසරහිතකාමී කඩ කාමර විස්සක් ඉදිකිරීමේ ව්‍යාපෘතියද කඩ කාමර කොටසක් නිම කිරීමෙන් පසු නතර කර ඇතැයි විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත. ඉදිකිරීම් ප්‍රමිතියකින් තොරවීම හා අධිකාරියේ සමීප අධීක්ෂණයක් නොමැතිවීම  ඊට හේතු වී තිබූ බව  විගණන වාර්තාවේ දැක්වේ.

මෙම ව්‍යාපෘතිය 2017 වර්ෂයේදී ආරම්භ කර  2018 ජනවාරි මස නිම කිරීමට අපේක්ෂා කර තිබිණ.

මේ තොරතුරු සඳහන් වන්නේ සංචාරක සංවර්ධන ප්‍රදේශ සහ සංචාරක ව්‍යාපෘති සංවර්ධන කර්මාන්තයට දායක කරගැනීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේය.



අදහස් (3)

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්

Prabha Saturday, 20 April 2024 11:35 PM

ඇමැතිගේ ගානයි, නිලධාරීන්ගේ ගානයි හරියට ගෙවනවා නම් ඇතිනේ...!

:       0       3

ranjith Sunday, 21 April 2024 07:01 AM

මහලොකුවට ආයෝජන ගැන කයිවාරු ගහනවා... අන්තිමට වෙන දේ තමයි.

:       0       4

sk Sunday, 21 April 2024 06:26 PM

ඇමැතිලාගේ කටවල් විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site