
(යොහාන් භාසුර)
ඩොලර් මිලියන 10 කට අධික මුදලක් වැය කරමින් යාපනය දූපත් තුනක් වෙනුවෙන් විදුලිබලය සැපයීම ස`ඳහා දෙමුහුම් බලශක්ති ව්‍යපෘතියේ ඉදිකිරිමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද (1) පෙරවරුවේ ගිවිසුම්ගත විය.
ඉන්දීය රජයේ පුර්ණ මූල්‍ය ප්‍රදානයක් ලෙස ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 10.995 ක මුදලින් ඩෙල්ෆ්, එලුවතිව් සහ නයිනතිව් (නාගදීපය) යන දූපත්වලට මෙම ව්‍යපෘතියෙන් විදුලිය සැපයීමට නියමිතය.
කිලෝ වොට් 530 ක සුළං බලය, කිලෝ වොට් 1700 ක සුර්ය බලය සහ කිලෝ වොට් පැය 2400 ක බැටරි පද්ධතියක් සමග පුනර්ජනනීය බලය සහ විකල්ප කිලෝ වොට් 2500 ක ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන මෙම දෙමුහුම් පද්ධතිය ඉදිකිරීම් ලබන වසරේ මාර්තු වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය පහසුකම් දීම වෙනුවෙන් ඉන්දීය රජයට, මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාට, මෙරට හිටපු මහ කොමසාරිස්වරයාට සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ස්තූතිය පළ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ගේන කට්ටියට දැන් පාර බලාගෙන ඉන්න පුළුවන් නේද?
ලංකාවේ නිවසකට විදුලිය සම්බන්ධයක් ගත්තාම එම නිවස විදුලිය සම්බන්ධතාව තියෙන කෙනාට හිමිකමක් ලැබීමට හේතුවක් වෙනවා... එහෙම නම් මෙහෙම වුණාම මොකද වෙන්නේ කියන්න හිතන්න..!