(රොෂාන් දිලිප් කුමාර)
නාවික හමුදාවේ සේවය කොට යුද සමයේ බෝම්බයකට අසව ආබාධියකට ලක් වු සොල්දාදුවකුට තම දෙපා අහිමි මව කරාපිටිය රෝහලට රැගෙන යෑමට ඉන්ධන ලබා නොදුන් දුක්මුසු පුවතක් සූරියවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ලබාගත් ලිපියක්ද සමග අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල වෙත ගොස් ඉන්ධන ඉල්ලා සිටි විට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කළ බව එම හිටපු නාවික ආබාධිත සෙබලා පවසයි.
ඹහු සූරියවැව, වල්සපුගල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කේ.ආර් ප්‍රියන්ත නම් නාවික හමුදාවේ සේවය කළ මෙම සෙබලා 2006 වසරේදී කොටි ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් ආබාධිත තත්වයට පත්ව සේවයෙන් ඉවත්ව ඇත.
මම රට වෙනුවෙන් වෙඩි ප්‍රහාරයට ලක්වුනු කෙනෙක්. අද මගේ අම්මාගේ තතුල් දෙකම කපලා මට අම්මව කරාපිටිය රෝහලට අරගෙන යන්න විදියක් නෑ. මම සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ලියුමක් අරගෙන අම්මගේ වෛද්‍ය වාර්ථාත් අරගෙන ෂෙඩ් එකට ගියා. සූරියවැව ඕ.අයි.සී මහත්තයටත් කිවුවා. එතන හිටිය හමුදාවේ නිළධාරි මහත්තයකුටත් කිවුවා. කවුරුත් ගණන් ගත්තෙ නෑ. එච්චර තෙල් දෙන්න බෑ කිවිවා.
අපි රට වෙනුවෙන් දිවි පරදුවට තියල සේවය කරපු එක ගැන අද තේරුමක් නෑ කියල හිතෙනවා. ඔය හමුදාවේ මහත්තරුත් විශ්‍රාම ගියාම ඒ අයට සලකන්නෙත් මෙහෙම තමයි කියල මතක තියාගන්න යනුවෙන් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ රජයට ජයවේවා..!
අමනුස්සකම රජවී තිබෙන කාලයක් මේක...!!! මොනවා කරන්නද? ඔබට දැන් සැපද?
ෂෙඩ් අසල ඉන්න පොලිස් සහ හමුදා සාමාජිකයින් ඉදිරිපිට ජාවාරමන් තෙල් අරන් යනවා...
ඔය ඔක්කෝමලාව පාවිච්චි කළේ රාජපක්ෂලා බලය ගන්නයි. මේ ඔක්කෝටම වග කියන්න ඕනෑත් එයලායි.
රාජපක්ෂලාට රණවිරුවන් අවශ්‍ය වෙන්නේ යුද්ධය සහ ඡන්දය දිනන්න...
රට බෙරාදුන්න රාජපක්ෂලාට කල හරිය දැක්ක අපිට ඔබට එහෙම කිරීම පුදුම නැහැ. දැන් පෝලිමේ ඉන්න ජෙප්පෝ මෙහෙම නම් ජෙප්පන්ට රට ගියොත් කොහොම හිටීද?
රාජපක්ෂ ගියාට පස්සේ ආව රනිල් හරි යම්කිසි වැඩපිළිවෙලක් කරයි කියල හිතුන. තියෙන තෙල් ටික මිනිස්සුන්ට පිළිවෙලක් ඇතිව සාධාරණව බෙදන්න කූපන් ක්‍රමයකට එයි කියල හිතුන. එහෙම කරන්න අගමැති රනිල් ඉන්න කැබිනට් එකට ඕනේ නැහැ. උන්ගේ කොටස කොහොමත් ලැබෙනවා. ඊට පස්සේ ලැබෙන්නේ අත්‍යාවශ්‍ය කියල තමන්ගේ සේවය විතරයි රටට ඕනේ කියල කියන උන්ටයි ,දවස් ගණන් පෝලිම්වල ඉඳල තෙල් ගහගන්න පුළුවන් තරම් වත්කමක්, කාලයක් තියෙන අයට විතරයි. මේ සෙබලාට , ඊයේ පොලිසියේ ඔ.අයි.සී කෙනෙක් තග දාපු සංචාරකයාට ? හැමදාම වැඩට යන අපිට.... හදිසියකට වාහනේ භාවිත කරන්න තෙල් ගන්න වෙන්නේ කළු කඩෙන් විතරයි . අපිත් රටට ඩොලර් ගෙනෙන්න උදවු කරන මිනිස්සු. ඒත් ඒ ඩොලර් වලින් ගෙනෙන තෙල් ටික බෙදෙන්නේ .........???
මෙවැනි සිද්ධි මම තරයේ හෙළා දකිනවා. මම දැක්කා තව ෂෙඩ් එකක් ළඟ දී සිවිල් පුරවැසියෙකුට පපුවට පයින් ගහන හමුදා නිලධාරියකුගේ වීඩීයෝවක් සමාජ මාධ්‍යවල සැරි සරනවා. රට මෙවැනි තත්වයකට පත් කළ දූෂිත ආණ්ඩුවට වැඩ කරන සියලු දෙනා ජාතියෙන් සමාව අයැද වහාම ඉල්ලා අස් විය යුතුයි. රට පාලනය කර ගන්න බැරිව තම නොහැකියාව ප්‍රසිද්ධියේ පෙන්නමින් ආයෙත් මේ රටම දියුණු කරන්න උත්සාහ කිරීම විහිලුවක්. පවතින තෙල් අර්බුදය නිසා මට මගේ අම්මාවත් වෛද්‍ය සායනයට එක්කගෙන යන්න බැරි වුණා. මේ වගේ සමාජයේ තව කොපමණ පිරිස් ඉන්නවාද කියලා කියන්න බැහැ. රට මේ තත්වයට පත්කරපු පාලකයන්, නිලධාරින්, වගකිවයුතු සියලු දෙනා ස්වභාව ධර්මයේ යුක්තිය අනුව විනාශ වෙලා යන්න ඕනි.
මනුස්සකමවත් ඉතුරු කරගමු අපි...!
වැඩ කරන විරුවා... නැති වෙන්න වැඩේ කෙරුවා...
තෙල් පෝලිම්වල ගණන්කාරකම් පෙන්නන බොහෝ අය යුද්ධය දැකලාවත් නැති යුනිෆෝම් දාගත්තු ආණ්ඩුවේ බැලයින්...