
(අතුල බණ්ඩාර)
අනුරාධපුර කහටගස්දිගිලිය මෙරගහවෙල කටුකැලියාව ගම්මානයේ විහාරස්ථානයක් මුල් කර ගනිමින් පැවැත් වූ දන්සලකට එක් වූ නව දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු එම ගම්මානය වසා දැමීමට කටයුතු කළ බව කහටගස්දිගිලය මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
මොරගහවෙල ,කටුකැලියාව ගමේ විහාරස්ථානයේ වැඩවසන හිමියන්ද ඇතුළුව එම ගමේ සියලුම පවුල් ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනය කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව එම ගමේ ජීවත්වෙන පවුල් 36 කට අයත් පුද්ගලයන් 98 දෙනකු ඊට ඇතුළත් බව කහටගස්දිගිලිය මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් .තිලකරත්න මහතා පැවසීය.
පොසොන් පොහෝදා (24) නිරෝධායන රීති උල්ලංඝනය කරමින් එම ගමේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මුලිකවී දිවුලපිටියේ සිට පැමිණි බව කියන පුද්ගලයන් සිව් දෙනකු සම්බන්ධකරගෙන ගම්වාසීන් සඳහා දන්සැලක් පවත්වා තිබෙන බවත්,එම දන්සලෙන් ගමේ සියලු දෙනාම පාහේ ආහාර අනුභව කර තිබෙන බවත් දැනගැනීමට ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්සලෙන් බත් කෑ කීවම හරියට බත් වලින් කොරෝනා බෝ වෙනව වගේ අදහසක් එන්නෙ. ඒ නිසා දන්සලට සහභාගි වූ අයට කියලා වෙනස් කරගමු
මේ තරම් අවදානම් කාලෙක ඇයි මේ වගේ වැඩක් කරේ
බොරුව සමාජගත කරන්න එපා... දන්සැලට යන්න කළින් ඇයි පරීක්ෂා කළේ නැත්තේ?