( නාලක සංජීව දහනායක)
පාර්ලිමේන්තුවේ නව සභා නායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් පත්කිරීමට අද (2) පැවැති ආණ්ඩු පක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත.
එමෙන්ම රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට ප‍්‍රධානීන් පත්කිරීම කඩිනමින් අවසන් කළ යුතු බවටද ආණ්ඩුවේ පක්‍ෂ නායකයෝ ජනාධිපතිවරයාට පවසා තිබේ.
ආණ්ඩු පක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (2) පෙරවරුවේදී ආරම්භ විය.
එම රැස්වීමට පළමුව ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ විය.
මෙම වර්ෂය මැතිවරණ වර්ෂයක් බැවින් ඒ සදහා සූදානම් වන ලෙසට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මන්ත‍්‍රී කණ්ඩායමට දැනුම්දී තිබේ.
තම ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරමින් ජනතා ජයග‍්‍රහණ උදාකරදීමටනම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහිකර ගතයුතු බව එහිදී පවසා ඇති ජනාධිපතිවරය ජනතාව ආණ්ඩුව කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් ආරක්‍ෂාකර ගැනීමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් උපරිමයෙන්ම කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
පොහොර මිළ ඉහළයෑම සම්බන්දයෙන් මෙහිදී මැති ඇමතිවරුන් අදහස් දක්වා ඇති අතර සහන මිළට පොහොර ලබාදීමට රජය කඩිනමින් ක‍්‍රියාත්මක කරන බව අගමැතිවරයා පවසා ඇත.
එමෙන්ම පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරන මොහොතේදී සාම්ප‍්‍රදායිකව පැවැත්වෙන ආචාර වෙඩිමුර පැවැත්වීම අනවශ්‍ය බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත්ත කරන හෙට (3) දිනයේදී ආණ්ඩුපක්‍ෂයේ සියලූම මැති ඇමතිවරුන් පෙරවරු 9.15 වනවිට පාර්ලිමේන්තුවට පැමිණ සිටිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී දැනුම්දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසරේ විහිළුව!!! පාර්ලිමේන්තුවේ පුටුවලින් ගහගත්තු කෙනාට ප‍්‍රධාන සංවිධානකම... ජයවේවා!!!
2018 වසරේ අගභාගයේ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අමුඅමුවේ කෙළෙසමින් පාර්ලිමේන්තුවේ රාජ්යදේපළ විනාශ කරමින්, බයිබලයෙන් පවා කතානායකවරයාට දමා ගසා ඔහුගේ අසුන පෙරළු පමණක් නොව මිරිස් කුඩු ජවනිකාවේ ප‍්‍රධාන චරිතය වර්තමාන පාර්ලිමේන්තුවේ නව ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කිරීම පිළිබඳව ප්රජාතන්ත්රවාදී සහ සැබෑ වෙනසක් බලාපොරොත්තුව පසුගිය මැතිවරණයේදී ඡන්දය ලබාදුන් 69 ලක්ෂයක් ජනතාව මෙවැන්නක් හීනයකින් හෝ බලපොරොත්තු වන්නට නැත.
හොඳ තීරණයක්... දෙන්නම අවංක දක්ෂයෝ...
බමුණුආරච්චි, මිරිස් කුඩු ජවනිකාවේ ප‍්‍රධාන චරිතය මොහු බව හැඳින්වීම ගැන මාගේ බලවත් විරෝධය පල කරමි. එය අපේ කැලණිය මන්ත්‍රීතුමාට කරන අගෞරවයකි.
පරණ මිනිස්සුම නැවතත්.?