විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් දිනපතා විදුලිය කපන වේලාවන් පිළිබඳව විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එය පහත පරිදි වේ.
උදෑසන කාලය
පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.30
පෙ.ව. 11.30 සිට ප.ව. 2.30
ප.ව. 2.30 සිට ප.ව. 5.30
රාත්‍රී කාලය
ප.ව. 6.30 සිට ප.ව. 7.30
ප.ව. 7.30 සිට ප.ව. 8.30
ප.ව. 8.30 සිට ප.ව. 9.30

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ කාලසටහන හදපු කෙනා?
රාජපක්ෂලා ආණ්ඩුවේ කකුලෙන් අදින නිසා සංවර්ධනයට බාධා වෙලා... කොහොම වුණත් යහපාලන රජය 2025 සංවර්ධිත රටක් කරනවා...
විශාල බිල් සහ බදු අය කරමින් ඉංජිනේරුවන් රොත්තක් සිටින මේ විදුලි බල මණ්ඩලයේ සියලු ඉහළ නිලධාරීන්ගේ බෝනස්, රට සවාරි සියල්ල අවලංගු කර ඒ මුදලින් විදුලිය ජනනය කර මහජනතාවට අඛණ්ඩව විදුලිය සපයන ලෙස ඉල්ලා සිටිමි.
මේ වෙලාවල්වලට විදුලිය විසන්ධි කරන කලාප දාලා නැහැනේ.
නියමයි ඔහොම යන්...
දැන් සනීපද?
කෝ දැන් අර මොනම හේතුවක් නිසාවත් ලයිට් කපන්නේ නැහැයි කිව්ව ඇමතිතුමා...?
මේ රජය ආපු අලුතත් කැපුවා දැන් අායෙත් කපනවා. තාවකාලික පැලස්තර වැඩ තමයි මේවට හේතුව සහ දැක්මක් නොමැතිකම. පුලුවන් තරම් සොලර් ඒවාට මිනිස්සු යොමු කරා නම් සහ සියලුම වීදි බල්බ සහ ට්‍රැෆික් ලයිට් වගේ ඒවත් සොලර් වලට යොමු කරා නම් පොඩ්ඩ පොඩ්ඩ හරි මේ ගැටළුව විසඳගන්න පුළුවන් වේවි...!!!
එතකොට උදේ 8.30 සිට සවස 5.30 දක්වාත්.., ඉන්පසු සවස 6.30 සිට රෑ 9.30 දක්වාත් විදුලිය කපනවා.. :)
මේ කාල සටහන හදපු කෙනා ලංකාවේ කෙනෙක්ද? නැත්තම් දෙමල ඩයස් පෝරාවේද?
Soma ඩුබායි කියලා ලියන කෙනා දෙමල ඩයස් පෝරාවේ නේද?
මේ විදුලිය කැපීම රටේ සියලු ප්‍රදේශවලට මෙන්, දේශපාලකයින් වසන කොළඹ 7ටත් එකසේ ක්‍රියාත්මක විය යුතුයි.
යහපාලනය හින්දා අවුලක් නැහැ. ඉවසමු.
අර ඉස්සර යුද්දෙ දිනුවනේ කිව්වා වගේ යහපාලනය තියනවනේ... ඉතින් ලයිට් නැතුවට මොකද? ඉවසමු..
කාටද ආඩම්බර. අපිට ඉන්නවා ආසියාවේ හොඳම මුදල් ඇමති, ලෝකේ හොඳම සෞඛ්‍ය ඇමති. දැන් ආසියාවේ හොඳම විදුලි ඇමැතිත් අපේ රටින්. නමුත් රට කළුවරේ. මේ රවී අත ගහපු සේරම දේවල් වලට මොනවා හරි බාල්දිය තමයි.
බලාගෙන හිටපල්ලා තවත් ගස් කපලා කැලේ විනාශ කරනකන්... 225 දෙනාගේ බලය වෙනුවෙන්.
ලංකා විදුලිබල මණ්ඩලයේ තියනේ දූෂණවල අවසාන ප්‍රතිඵලය සහ ඉක්මන් විදුලි අවශ්‍යතා සපුරාගැනීම තුළ තමන්ගේ පවුල්වලට සම්බන්ධ අයගේ පුද්ගලික විදුලිබලාගාරවලට උපරිම ලබා ගැනීමට සහ කඩිනම් තාප විදුලිබලාගාර ඉදිකිරීමේ කොන්ත්රාත්වලට අනුමැතිය ලබා ගැනීමේ ඇමතිගේ සහ රජයේ නිලධාරීන් ඇතුළු විදුලිබල මණ්ඩලේ නිලධාරි මාෆියාවේ අවශ්‍යතා සපුරා ගැනීමක්. සියලු විදුලිබලාගාර රජයට පවරා ගත යුතුයි..
වෙනස සැපද?
ඕකේ තියෙන වෙලාවට නෙමෙයිනේ ලයිට් කපන්නේ. අපිට අද 1.15 ට ලයිට් කැපුවේ...