
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කරඬුවක් පූජා කිරීමේ මුවාවෙන් බෙම්මුල්ල කලගෙඩිහේන පැෂන් වත්තේ පිහිටි මෙහෙණි ආරාමයකට ආ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු එහි අල්මාරියක් තුළ තබන ලද රුපියල් එක් ලක්ෂ හැට දහසක මුදලක් සොරා ගෙන පලා ගොස් ඇතැයි බෙම්මුල්ල පොලිසිය පවසයි.
එම මෙහෙණි ආරාමයේ වැඩ වාසය කරන 75 හැවිරිදි මෙහෙණින් වහන්සේ නමක් විසින් මේ බව බෙම්මුල්ල පොලීසියට පැමිණිලි කර ඇත.
සොරා ගෙන ගිය මුදල් වරින්වර බැතිමතුන්ගෙන් පඬුරු වශයෙන් ලැබී තිබූ ඒවා බව මෙහෙනින් වහන්සේ කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය පවසයි.
කරඬුවක් පූජා කිරීමට පැමිණි බව කියමින් මෙම යුවළ මෙහෙණි ආරාමය ට පැමිණ ඇත.
මෙහෙණින් වහන්සේ විසින් මෙම යුවළ ආවාස ගෙය තුළට කැඳවාගෙන ගොස් පසුව යළිත් පිටතට පැමිණි පසු එම යුවළ පිටත්ව ගිය බව පැමිණිලිකාර මෙහෙනින් වහන්සේ පොලීසියට පවසා ඇතැයි කියති.
ටික වේලාවකට පසු අල්මාරිය පරීක්ෂාකර බැලීමේදී ඒ තුළ බහා තිබූ මෙම මුදල නොමැති බව දැකගැනීමට ලැබුණු බව මෙහෙණින් වහන්සේ පවසන්නේ යැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දන්දෙන්න ඇවිත් ආරාමයට සුද්දයක් දීලා