(හර්ෂණ තුෂාර සිල්වා)
දැනට ජාතික දේශපාලනයේ සිටින එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) කොළඹදී පැවැසීය.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිපදෙනකුගේ නම් දැනට ඉදිරිපත් වී ඇති බවත් අත්දැකීම් බහුල සාමාජිකයකු ඉදිරිපත් කර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවත් හෙතෙම කීය.
රුවන් විජයවර්ධන මහතා ඉදිරිපත් වන්නේ දැයි විමසූ විට තමන්ට ඒ සඳහා කාලය ඇතැයි ද තමන්ට වඩා ජ්‍යෙෂ්ඨයන් පක්ෂයේ සිටින බව ද විජයවර්ධන මහතා කීවේය.
පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ඉදිරිපත් වී ඇතැයි ද කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡා කර පරිණත අත්දැකීම් බහුල නායකයකු ඉදිරිපත් කර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව ද ඔහු කීවේය.
ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තවමත් කාලය තිබෙන බවත් ඒ සඳහා ඉක්මනින් පක්ෂය තුළින් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව හෙතෙම කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ එතකොට සජිත්ට දුන්නේ ඇමක්ද?
ඔබතුමා ඔයකිව්වට තව ජේෂ්ඨයෝ ඉන්නවා කියලා, අපේ ඇම්ඩන් මල්ලි ඔය ඔක්කොම කරකවලා අතාරිනවා... ජනාධිපති ඡන්දෙට ඉල්ලන්න විතරක් නෙමෙයි දිවුරුම් දෙන්නත් ඇඳුම් එහෙම මැදගෙන ඉන්න...
දැනට ජාතික දේශපාලනයේ සිටින එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව කියා තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ තව ලක්ෂ ගණනක් සාමාජිකයන් සිටි. කෙසේ වෙතත් පක්ෂයේ තෝරාගැනීමත් පාක්ෂිකයාගේ තෝරා ගැනීමත් වී යුත්තේ උගත් සහ බුද්දිමත් නායකයකි. එය අත්‍යවශ්‍ය කරුණකි. නො එසේ නම් රටටත් ලංකාවේ ඉතිරිවී සිටින ජනතාවටත් ජනසවියේ පිටවත් නැතිවීමට ඉඩ තිබේ. විශේෂයේ අලුතින් හිතන අලුත්දේ ලබාගැනීමට කැමති නායකයකු විය යුතුමය. නව ලංකාවක් ගැන සිහින මවන්නක්කු විය යුතුය. ලෝකය ගමන් කරන දිශාව හදුනා ගත හැකි විය යුතුය. නොඑසේන ලංකාවේ සිටින උගතුන් බුද්දීමතින් සියල්ල රටින් පිටවීම වැලැක්විය නොහැකිය.
Td, ඔබ කියන්න විදිහට උගතුන් බුද්දිමතුන් රට හැරදාල අමුතුවෙන් යන්න දෙයක් නැ දැනටමත් ගිහින් ඉවරයි .දැන් යන්න ඉන්නෙ දුප්පතුන් ඔවුනුත් බෝට්ටුවලින් යනවා. මම දැක්ක විදිහට ජයවර්ධන මහත්තයාගේ කාලෙ සිට මේදක්වාම රට පාලනය කලෙ ඔය කියන මනුෂ්‍යයන් තමයි . ඔවුන් කලේ සුද්දට ඕනෙ විදිහට. රටේ සම්පත් කුනු කොල්ලයට විකුනා ඔවුන් සැප ගත්ත. අපිට ඉතිරි වෙලා තියෙන්නේ උහුලන්න බැරි ණය බරක්.
ඔය ජනාධිපති කම ගත්ත කියලා මොනවා කරන්නද? ඔක්කොම විධායක බලය දැන් තියෙන්නේ වෙන කෙනෙකුටනේ?