දැනට ඇති ආණ්ඩුවට බහුතරය නැති බව පෙනී යන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව හෙට උදේ 10 දක්වා කල් තැබිණි.
එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ගෙන ආ යෝජනාවකට පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පැවැති බවත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සභා මැදට පැමිණ කෑ කෝ ගැසූ බවතෙ, ඉන් පසු ඡන්ද විමසීම පැවැති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර අමාත්‍ය ඒ එච් එම් ෆවුසි , පියසේන ගමගේ සහ මනූෂ නානායක්කාර මහත්වරු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ.
ඡන්ද විමසන අවස්ථාවේ සෙන්කෝලය රැගෙන යෑමට ද මන්ත්‍රීවරු කිහිප දෙනෙකු උත්සාහ ගත් බව වාර්තාවේ.
දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ සභාවේ කටයුතු හරියට සිදු නොවූ බවයි
කතානායකවරයා පක්ෂපාතීව කටයුතු කළ බව ද ගුණවර්ධන මහතා කීවේය.
(36698)
(ඡායාරූප -ලහිරු හර්ෂණ)
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දැනට ඇති ආණ්ඩුවට බහුතරය නෑ
ගල්කටස් Wednesday, 14 November 2018 05:53 AM
බහුතරය නොමැති කෙනා බැහැලා යන්න අගමැති පුටුවෙන් රට ස්ථාවර කරන්න එක තමයි දෙපැත්තම කල යුතු දෙය. විශ්වාස භංගය ගෙන්ත පරාජය කරන්න. කව දුරටත් රට අස්ථාවර නෙෘකල යුතුයි. රට බෙදුවත් , රට විකුණුවත් ,විනාශ කලත් කල යුතු දෙ බහුතරය නොමැති නමි ඉවත් වීමයි. මහා මැතිවරණයක් තියා මරණාධාර සමිතියක ජන්දයක් වත් මෙි රටට දොහි බලවෙිගයන් ගෙන් ලබා ගත නොහැක .
sudda Wednesday, 14 November 2018 05:56 AM
දැන්නම් කරුණාකරලා මහජනතාවට ඡන්දයක් දෙන්න. මේක විකාරයක්නෙ.
sameera Wednesday, 14 November 2018 06:05 AM
මහින්ද රාජපක්ෂ මහත්තය ගොඩ නගාගත් දේවල් මෛත්‍රී සති දෙකෙන් බිමට සමතලා කරා.
රජින්ද Wednesday, 14 November 2018 07:18 AM
වහාම ජනමත විචාරණයක් සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි. 2018 වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජිතයින් යනු ජනතාවගේ බහුතර කැමැත්ත හෝ මතය නොවන නිසා මහා මැතිවරණයකට යාමට ජනමත විමසුමක් අපට අවශ්‍යයි.
athuraWednesday, 14 November 2018 01:12 PM
ඒක හරි කතාවක්නේ... අපි මේ ආණ්ඩුව පත් කරගත්තේ අවුරුදු පහකට ජනාධිපති පත් කර ගත්තෙත් අවුරුදු පහකට...
W.L.Gunawardana Wednesday, 14 November 2018 07:44 AM
මහින්දට බහුතරය නැති බව මුළු ලොකයටම ප්‍රචාරය වෙලා ඉවරයි.
MIGARA Wednesday, 14 November 2018 07:54 AM
අදාල නැහැ.....
රජින්ද Wednesday, 14 November 2018 08:17 AM
වහාම ජනමත විචාරණයකට යා යුතුයි. 2018 වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ගැන අපට විශ්වාසයක් නැහැ. ඒ නිසා මහමැතිවරණයක් පැවැත්වීම පිණිස ජනමතවිචාරණයක් අවශ්‍යයි.
Ruwan Wednesday, 14 November 2018 08:17 AM
ජනමතය කියන්නේ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි 225 නෙවෙයි. ජනාධිපතිතුමනි, අපට පාර්ලිමේන්තු ඡන්දයක් අවශ්‍යයි. කරුණාකර ජනමත විචාරණයක් පවත්වනමෙන් ඉල්ලා සිටිමු. ඉන් පසු අපි ලෝකයට පෙන්වන්නම් ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් සැම විටම යුක්තිය ඉටුකිමක් නොවෙන බව.
ධනුෂ්කWednesday, 14 November 2018 02:32 PM
ඔබ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගාන ජනමතය නොවේ... කියන්න කලින් නියෝජන ප්රජාතන්ත්රවාදය යනු කුමක්දැයි ඉගෙන ගන්න. පාර්ලිමේන්තුවට ව්‍යවස්ථානුකූලව අදාල කාලය සඳහා මන්ත්‍රීවරු එව්වේ ඉන්දියාවෙන් කියලද කියන්නේ? ජනතා වරමින් නොවේද ඔවුන් යැව්වේ? එ.ජා.ප අාණ්ඩුවෙන් හෝ මහින්දවාදී අාණ්ඩුවකින් මේ රට නැවත ගොඩනැගිය බව අවුරුදු 70ක් තිස්සේ ඔප්පු කර තිබෙනවා. දිනෙන් දින වලපල්ලට යනවා. හොඳ අායෝජකයෝ නම් අායේ ලංකාව දිහා බලන එකක්වත් නෑ. එ් තරමට ලෝකය ඉදිරියේ ලංකාව කුජීත කරලා ඉවරයි.
Hafeel Wednesday, 14 November 2018 08:19 AM
බල පෙරේත්ත කම නිසා මහින්දට තිබු තැනත් නැති කරගත්තා.
වහල් සේන Wednesday, 14 November 2018 08:28 AM
මෛත්‍රි අපේ රජතුමාව කෑවා. දැන් ඉතින් මැර බලයෙන් සිටිමු.
nuwan Wednesday, 14 November 2018 08:34 AM
හොඳම දේ තමයි හමුදා ආණ්ඩුවක් පිහිටුවන එක... ඡන්දයක් එනකම් !!!
Kumara Wednesday, 14 November 2018 09:15 AM
බුදු බණේ මේ බව හොඳටම විග්‍රහකරලා තියෙනවා.
nisar Wednesday, 14 November 2018 09:23 AM
ඊළඟ තුරුම්පුවත් ගහන්න ජනාධිපතිතුමනි. ඒකටවත් කපෝති වෙයිද කියලා බලමු..
දිලුම් Wednesday, 14 November 2018 09:33 AM
මහලොකුවට හිතන් හිටියට ඔබලා කාටවත් ජනතා බහුතරය නෑ. මහජනතාවට ඡන්දයක් දීපල්ලා කවුරු හරි හොද කෙනෙක් පත්කර ගන්න. අපිට වෙන රටකට සංචාරයකටවත් යන්න ලැජ්ජයි.
nissanka Wednesday, 14 November 2018 09:41 AM
මේ දේශපාලනය නිසා මිනිසුන් කා කොටා නොගෙන ජාතිවාදි අරගල නොකර නීතියට සහ ප්රජාතන්ත්රවාදයට ඉඩදී ඡන්දයක් එනතුරු බලාසීටිම වැදගත්ය.
ROHAN DAYADARA paris Wednesday, 14 November 2018 10:01 AM
ගරු කතානායකතුමනි එහෙනම් බහුතරයක් ඇති කණ්ඩායමේ නායකයාට අගමැති ලෙස කටයුතු කිරීමට ඇති අයිතිය ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් සාධාරණය කොට රටට, ලෝකයාට ආදර්ශමත් ලෙස නීතියේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ යන වග ඔප්පු කොට අපේ රට අපකීර්තියෙන් කඩිනමින් බේරාගන්න...!!!
janahitha Wednesday, 14 November 2018 02:05 PM
2015දී ප්රජාතන්ත්රවාදය මට මතක නැතිවුණා. මම දන්නේ නැහැ එහෙම එකක් තිබුනේ නැහැ... බහුතරයක් ගැන අහලවත් තිබුණේ නැහැ.
bahuthara janathava Wednesday, 14 November 2018 02:02 PM
ඔය කියන බහුතරය පාර්ලිමේන්තුවේ පමණය මුළු රටේම ජනතාවගේ කැමැත්ත බහුතරය පොහොට්ටුවට නොවැ... මේ අය කියන්නේ මොනවාද? ඡන්ද නොතියා බහුතරය බලන්නේ කොහොමද? යූ.එන්.පී. නියාය අපට අදාල නැහැ.. බහුතරය යනු දෙමළ සන්ධාන මුස්ලිම් කොන්ග්‍රස සහ එජාපය නොවේ. බහුතර සිංහල ජනතාවගේ මතය වෙනවාමයි.
Anura hakeemm Wednesday, 14 November 2018 02:07 PM
බහුතරයින් පන්නා දමමු... රට ගොඩනගමු...
Bamunuarachchi Thursday, 15 November 2018 10:54 AM
ජනතාවගේ බහුතරය ඔබලාට නැත. මහජන ඡන්දයකට යන්න.