IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


දිනකට හයක් එලොව යති

(අංජුල මහික වීරරත්න)

හදිසි අනතුරු හේතුවෙන් දිනකට ජීවිත හයක් අහිමි වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කීවේ‘’අනතුරකදී සිදුවන ලේ ගැනීම් වළක්වමු” (Stop bleed) යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පාගමනකට අද (12) පෙරවරුවේ සහභාගී වෙමිනි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ ආරම්භ වූ පාගමන විහාරමහා දේවී උද්‍යානය පසුකරමින් නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කරනු ලැබීය.  හදිසි අනතුරු ලේකම් කාර්යාලය (National Trauma Secretariat) මගින් සංවිධානය කරනු ලැබූ  මෙම පාගමනේ ප්‍රධාන අරමුණ ජනතාව දැනුවත් කිරීම, ප්‍රජාවගේ සහභාගීත්වය ලබා ගැනීම, හදිසි අනතුරු සම්බන්ධයෙන් රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන කාර්ය මණ්ඩලය අගය කිරීම යි.



අදහස් (2)

දිනකට හයක් එලොව යති

ගුණරත්න Sunday, 12 October 2025 08:06 PM

කවුරුහරි සමීක්ෂණයක් කර බැලුවොත් මේ අනතුරුවලට ලක්වන වාහන වර්ග, සහ ඒවා වල නිෂ්පාදිත වසර ආදිය එකතුකර බැලුවොත් අනතුරු වලට හේතුව හොයාගන්න පුළුවන් වේවි.

:       0       2

de silva Monday, 13 October 2025 12:44 PM

ලංකාවේ වාහන සහ අමතර කොටස් ආනයනයේදී අය කරන අධික තීරු බද්ද නිසා රටේ ධාවනය වන බහුතරයක් පරණ වාහන සහ නිසි ලෙස අලුත්වැඩියා නොකළ ප්‍රමිතියෙන් බාල වාහන, ඔය වාහන තව තවත් පරණ වනවිට ඔය අනතුරු ඉදිරියට තව වැඩි වේවි ,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site