IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දෛනික විදුලි ඉල්ලුම ඉහළට

(නිමල කොඩිතුවක්කු)

පවතින වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 4 ත් 6ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

දෙසැම්බර් මාසය තුළ සතියේ දිනකදී දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 40 ක පමණ අගයක් ගත් බවත් එය මේ වනවිට  ගිගාවොට් පැය 46 දක්වා ඉහළ ගොස් ඇති බවත් විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.

පවතින උණුසුම් කාළගුණ තතාවය හේතුවෙන් විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර භාවිතය ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර මෙම දිනවල ජල විදුලි උත්පාදනය, සියයට 20ත් 21ත්  අතර දක්වා පහළ ගොස් ඇති බවත් නොයෙල් ප්‍රියන්ත මහතා කීවේය.

මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව සියයට 83ක් අතර පවතින බවත් ඔහු කීවේය.

මේ හේතුවෙන් මේ දිනවල සියයට 64ක්ම විදුලිය ජනනය සිදු කරන්නේ තාප බලාගාර හරහා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.



අදහස් (0)

දෛනික විදුලි ඉල්ලුම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site