(ඩයනා උදයංගනී)
දින හයක් පුරා මෙරට නැංගුරම් ලා ඇති ඩීසල් හා ගුවන් යානා ඉන්ධන නෞකාවට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 42ක මුදල තවමත් සොයාගත නොහැකි වූ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා අවශ්‍ය මුදල් කිසිඳු බැංකුවකින් ලබාගත නොහැකි වූ බවත්, එම ඩොලර් ප්‍රමාණය ලබාදීමට දින කිහිපයක් අවශ්‍ය බව බැංකුවලින් දැනුම් දී ඇති බවත් එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
ලබන සඳුදා දිනය වන විට එම මුදල් සපයාගෙන නෞකාවේ ඇති ඉන්ධන ලබාගැනීමට හැකිවනු ඇතැයි ද ලේකම්වරිය සඳහන් කළාය.
ඩීසල් මෙට්‍රික්ටොන් 20,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික්ටොන් 20,000ක් රැගත් මෙම නෞකාව නැංගුරම් ලා ඇති දිනවලදී ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් 19,000 බැගින් ගෙවිය යුතු බව ද ඇය කීවාය.
අවශ්‍ය ඩොලර් ප්‍රමාණය පෞද්ගලික බැංකුවලින් හෝ ලබාගන්නා ලෙස මහබැංකුව බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී ඇති බැවින් එම අමාත්‍යාංශය අද (18) දිවයිනේ ප්‍රධාන බැංකු සමඟ සාකච්ඡා කර ඇති නමුත් මෙම අවස්ථාවේදී එපමණ ඩොලර් ප්‍රමාණයක් සොයාදිය නොහැකි බව එම බැංකු දැනුම්දී ඇතැයි වාර්තා වේ.
අමාත්‍යාංශ ලේකම්වරිය පැවසුවේ ඩීසල්වල යම් හිඟයක් පවතින නමුත් පෙට්‍රල් ප්‍රමාණවත් තරම් මෙරට පවතින බවයි.
වෙනදා දින දෙකකට ප්‍රමාණවත් වන ඩීසල් ප්‍රමාණයක් නිකුත් කළ විට එය පැය තුනකින් පමණ අවසන් වන බවත්, එසේ වීම ගැටලුවක් බවත් කී ලේකම්වරිය සඳුදා (21) තෙක් ප්‍රමාණවත් තරම් ඩීසල් ද රට තුළ තිබෙන බව කීවාය.
තවත් ඩීසල් නෞකාවක් අනිද්දා (20) දිනයේදීද මෙරටට පැමිණෙන බව ඇය පැවසුවාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දින හයක් තිස්සේ නැංගුරම් ලා ඇති ඉන්ධන නැවට ගෙවන්න ඩොලර් නෑ
de silva Friday, 18 March 2022 09:59 PM
දැනට තිබෙන නැවට ගෙවන්න මුදල් නැතිව, අනිද්දා එන නැවට ගෙවන්නේ කොහොමද? කබ්‍රාල් මූල්‍ය අරමුදලට ගියෙත් නැහැ... අපි දුක් විඳිනවා. මාලිමා, සමගි ජනබලවේග දෙකම එකතු වෙලා ජනතාව කොළඹට කැඳවලා මෙයාලාව මුහුදට දාන්න ඕනේ....
කිරි පුතා Friday, 18 March 2022 10:18 PM
මිනිස්සු බූලි වලට ඩීසල් පුරවාගෙන යන්නේ වැඩිමිලට විකුණන්න වෙන්න ඇති. එතැනයි ගැටළුව...
ravin Saturday, 19 March 2022 09:19 AM
හා...! දැන් මේ ලේකම්වරිය කියන්නේ... ඇමැති කටින් බතල හිටවපු එක නේද? බඩ ඇති මොලේ නැති ඇමැතියා කිව්වා නේද ඉන්ධන ප්‍රශ්නය ඉවරයි කියලා...?
Sunil Saturday, 19 March 2022 04:28 PM
තෙල්වලට කෙසේවෙතත් ප්‍රමාද ගාස්තු ගෙවන්නත් ඩොලර් නැහැ.