(මනෝප්රිය ගුණසේකර)
‘කොරෝනා’ වසංගතය පැතිරයෑම වැළැක්වීම සදහා පසුගිය 20 වැනිදා සිට පනවන ලද ඇදිරිනීතීය කඩකළ පුද්ගලයින් 1754 දෙනෙකු දිවයිනේ විවිධ පොලිස්ථානවලින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පැතිර යන වසංගත රෝගයකින් ජන සමාජය ආරක්ෂාකර ගැනීම සදහා පසුගිය 20 වැනිදා සිට ඇදිරිනිතිය පනවන ලදි.
එලෙස පනවන ලද ඇදිරිනීතීය පසුගිය 23 වැනිදා උදෑසන 6.00 දක්වා බලපැවැත්වුණු දින හතරක කාලය තුළදී ඇදිරිනීතීය කඩකරමින් මංමාවත්වල නිකරුණේ ගැවසුණු හා වාහන වලින් ගමන්ගත් පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඇදිරිනීතීය කඩකරමින් වාහන වලින් ගමන් කිරීමේදී යතුරු පැදි, තී‍්‍රරෝද රථ, ඇතුළු වාහන 447 ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වේ.
ඇදිරිනීතීය කඩකළ පුද්ගලයින් අදාළ පොලිස්බල ප්‍රදේශවල අධිකරණයන්ට ඉදිරිපත් කර නීතීමය ක්‍රියාමාර්ග ගැනීමටද පොලිසිය කටයුතු කරයි.
ඇදිරිනීතීය කඩකරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් එක්ව මත්පැන් පානය කළ පිරිසක්ද, බීමත්ව අශෝභන ලෙස හැසිරුණු පිරිසක්ද, වෙළදාම් කළ පිරිසක්ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අවදානම් අවස්ථාවක කිසිදු වගකීමක් නැතිව ක්‍රියා කල මෙම නිවටයන්ගෙන් රටට ඵලදායි වැඩක් ගැනීමට අදාළ අංශවලට ඥානය පහල වේවා !!
ගෙවල්වලට වෙලා ඉන්න බැරි හැටි හැබෑට...
ඇඳිරිනීතිය කඩකරන කුඩු / මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන්ට .. දෙන දඬුවම මොකද්ද ..?