
(හේමලතා ඩී හේවගේ)
කල් ඉකුත් වීමට ආසන්න ටින්මාඵ තොගයක නිෂ්පාදන දිනය සහ මිළ ගණන් වෙනස් කර වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පන්නල මූකලාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වටලා එහි තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් අති බව පැවසෙන ටිං මාඵ තොගයක් අද (20) සවස අත් අඩංගුවට ගත් බව කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරි නිළධාරී කාර්යාලය කියයි.
දැල්ලෝ අපනයනය කරන කර්මාන්තශාලාවක මෙලෙස ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතිබව පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් පවසයි
නවීන යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් මෙම මිල ගනන් වෙනස් කර ඇති අතර කල් ඉකුත් වීමට ආසන්න සැමන් තොගවල මිල සහ නිෂ්පාදන වර්ෂද වෙනස් කර ඇති බවද පැවසේ
අත්අඩංගුවට ගත් දාහත් දහසකට ආසන්න සැමන් ටිං තොගය ඇතුඵ නඩු භාණ්ඩ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ක්‍රියාවට සම්බන්ධ වූවන්ට නීතිමය උපරිම දඬුවම් ලබාදීම කළ යුතුය. (රජ කාලයේදී මෙන් උල තැබීම වුවද කම් නැත.)
මෙම ටින් මාලු වර්ගයේ නමත් සහන් කරන්න තිබුණේ මහජන ආරක්ෂාවට. මීට දින කීපයකට පෙර මාධ්‍යෙයන් දැනගන්න ලැබුණා, විනාශ කරන්න තිබුණු නරක් වූ කුණු මාළු තොගයක් මෙරට ටින්මාළු නිෂ්පාදන සමාගමක් අරගෙන ගියා කියලා. එදාම අපි තීරණය කළා නැවත ටින් මාළු මිලදී නොගන්න.