(සුජිත් හේවාජුලිගේ)
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසල් ලබන 12 සහ 13 දිනවල වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරා සල් වසා තැබෙන කාලයේදී නීති විරෝධී මත්පැන් වැටලීම් දැඩි කරන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය.
මේ සඳහා නිලධාරින් තුන් සියයක් පමණ යෙදවෙන බව ඔහු සඳහන් කළේය.
මේ අතර මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව නීති විරෝධී මත්පැන් වලට යොමුවීම වැඩිවන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සුරාබදු නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක දින365 ම වසාදමන්න බැරිද?
පඩිත් 10ක් දෙනවානේ. වහන වග කලින් කියපු එක නම් හොඳයි...!
උත්සව කාලෙට වහන සුරාසල් වලින් ඇති වැඩේ මොකක්ද? අනික ඇයි මේ එක ජාතියක උත්සව වලට විතරක් මෙහෙම වහන්නේ?
කලින් දැනුවත් කිරීම සම්බන්ධව ලංකාදීප පවත්පතට බෙහෙවින් ම ස්තුතියි.
දවස් දෙකක් සුරා සැල් වහලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ?බොන මිනිහ කලින් ඉඳන් දවස් දෙකට ඇතිවෙන්න බෝතල් අරන් තියාගන්න ඇති .මම එහෙමයි