(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ශ්‍රී ලංකා රජය විදේශ ණය වශයෙන් ගන්නා ලද රුපියල් කෝටි විසි දෙකකට වැඩි මුදලක් අනුරාධපුර සිට මිහින්තලේ දක්වා වෙනම දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා වියදම් කිරීම ප්‍රශ්නකාරී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
අනුරාධපුර සිට මිහින්තලය හන්දිය දක්වා කිලෝමීටර් 1.5 ක දුර ප්‍රමාණය ප්‍රධාන මාර්ගයේම මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය කිරීමට හැකිව තිබියදී වසරකට දින තුනක් හෝ හතරක
දුම්රිය ධාවනයක් වෙනුවෙන් මෙපමණ මුදලක් වැය කිරීම ගැටලුවක් බවද එම වාර්තාවේ දැක්වේ.
අනුරාධපුර සිට මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය පොසොන් කාලයට පමණක් වසරකට දින තුනක් හෝ හතරක් සිදුකරන අතර 2019 වර්ෂයෙන් පසු එම දුම්රිය ධාවනය කර නොතිබුණු බව විගණන කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පිළිතුරු ලබාදී නැතැයිද විගණන වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්ගහවෙල ඉඳලා අනුරාධපුරය දක්වා ද්විත්ව දුම්රිය ලයින් එකක් හදන්න බැරි මොකද? මේ කොටස කාර්ය බහුලයි. දිනකට සෑහෙන්න දුම්රිය ප්‍රමාණයක් ධාවනය වෙනවා.
ඔය විගණන අංශ වල අය දන්නේ කුණු අවුස්සන්න විතරයි.. ඒ රේල් පාර හදන්නේ මිහින්තලේ ආර්ථික මධ්‍යස්ථානයත් එක්ක එතැනට එන එළවළු, පළතුරු අනෙක් ද්‍රව්‍ය කෙලින්ම ප්‍රධාන මාර්ගයට අවහිරයක් නොවී අනුරාධපුරයට ගේන්න.. ඉතින් මම නම් ඒකෙ වැරද්දක් දකින්නේ නෑ. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් ඇත්තටම හොඳයි... අනික දැන් රජරට කැම්පස් එකට අළුතින් ෆැකල්ටි දෙකක් එකතු වෙනවා. ඒකත් එක්ක අඩුම රේල් බස් එකක්වත් මේ පාරෙ යවාගන්න පුළුවන් නම් මිනිස්සුන්ටත් ලොකු සහනයක් පොසොන් කාලෙට විතරක් නැතුව හැම පෝයටම හරි ට්‍රේන් යවන්න පුළුවන් නම් වටිනවා...
ප්‍රශ්නයක් නෑ... අපි රට ඉඳලා සල්ලි එවන්නම්... ණය ගෙවන්න. ඔයාලා දියුණු වෙන ගමන් පොඩි පාරක් හදලා ඒකට බිල දමන්න. ලබන සැරේත් අපි ඡන්දය දෙන්නම්. ඡන්දය කිට්ටුවෙලා පොඩ්ඩක් බඩුමිල, ගෑස්මිල තෙල් මිල අඩු කරන්න. සමෘද්ධිය පොඩ්ඩක් වැඩි කරන්න. එතකොට ඕවා සුළු දේවල්. ඔයාලගේ දියුණුව තමයි අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ...
ඔ්ක පිටිපස්සෙ මොකෙක් හරි මෝඩ දේශපාලකයෙක් ඇති.