(ඩයනා උදයංගනී)
මෙම මාසයේ ගත වූ දින 8ක කාලයේදී ඩෙංගු රෝගීන් 2,416 දෙනකු වාර්තා වී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.
මෙම වසරේ ගත වූ කාලයේදී එනම් වසර ආරම්භයේ සිට අද උදෑසන 7.00 දක්වා ඩෙංගු බවට තහවුරු වූ හා සැක කරන රෝගීන් 26,622ක් වාර්තා වී ඇතැයි කී අධ්‍යක්‍ෂවරයා ඉන් රෝගීන් 25 දෙනෙකු ඩෙංගු රෝගය හා වෙනත් රෝගී තත්ත්වයන් උත්සන්න වීමෙන් මියගොස් ඇතැයි ද පැවසීය.
මියගිය අයගෙන් 8 දෙනකු වයස අවුරුදු 5ත් 20ත් අතර බවත්, 12 දෙනකු අවුරුදු 20ත් 55ත් අතර වයසේ පසුවන බවත් කී සුදත් සමරවීර මහතා අවුරුදු 5ට අඩු දරුවන් දෙදෙනෙකු මියගොස් ඇතැයි කීවේය.
අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසුවේ රජය් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මැයි මාසයේ දී ඩෙංගු ආසාදිතයන් 6,483ක් වාර්තා වී ඇතැයිද වෛද්‍යවරයා පැවසීය.
මෙම ආසාදිතයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, මෙම මාසෙයේ වාර්තා වූ රෝගීන් 2416න් 728ක් කොළඹ දිස්තික්කයෙන්, 354ක් ගම්පහින් සහ 233ක් කලුතරින් වාර්තා වී ඇතැයි ද කීවේය.
මීට අමතරව මහනුවර දිස්තික්කයෙන් රෝගීන් 186ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 148ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 119ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 104ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 76ක් වාර්තා වන බවද හෙතෙම පැවසීය.
පසුගිය සතිය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් විශ්ලේෂණය කර බැලීමේදී අධි අවධානම් තත්වයක් මතුවී ඇතැයි කී වෛද්‍යවරයා එළඹෙන සති වලදී මෙය තවත් වැඩිවිය හැකි බව ද ප්‍රකාශ කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දින 8කදී ඩෙංගු ආසාදිතයන් 2,416ක්