IMG-LOGO

දින 7ක් වයස බිළිඳිය තුන්වරක් පොලොවේ ගහලා

(සුමිත් පොතුපිටිය )

දින හතක් වයසැති බිළිඳියක් තුන්වරක් පොලොවේ ගසා ඝාතනය කල 28 හැවිරිදි සැකකාර මවක් ලද තොරතුරක් මත අද (17) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පයාගල,හල්කඳවිල , කැන්දගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි කාන්තාවකට දාව නාගොඩ ශික්ෂණ රෝහලේදී පසුගිය 9 දා උපත ලද නිවුන් බිළිඳියන්  දෙදෙනාගේන් බාල දියණිය බව පොලිසිය සදහන් කරයි.

මව්පිය දෙදෙනා බිළිදියන්හට නම් තැබීම සදහා ඉකුත් 15 දා ජෝතීර් වේදියෙකු හමුවීම සඳහා ගොස් නිවසට පැමිණීමෙන් පසු මෙම ඝාතනය සිදුවන්නට  ඇති බවට සැකපලකරන බව පොලිසිය කීය.

එදින පස්වරුවේ බිළිඳිය ඇඳෙන් වැටුණු බව සඳහන් කරමින් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, මරණය සම්බන්ධයෙන් සැක සිතී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරිය ඝාතනයට ලක්ව ඇති බවට හෙළි වීමෙන් පසු බිළිඳියගේ මව අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

දැරියගේ මව බිළිඳියගේ නහය අවස්ථා තුනකදී මිරිකා ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද අනාවරණය වේ.

අඹුසැමි යුවළ මීට වසර තුනකට පෙර විවාහ වී ඇති බවත්, ඔවුන්ගේ කුළුදුල්  දරු උපත මෙය බවත් සඳහන් වේ.

සැකකාර මව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර (වැබ) මහතාගේ උපදෙස් පරිදි අපරාධ සහ ළමා කාර්‍යාංශ නිළධාරීනියන් පරීක්ෂණ පවත්වති.



අදහස් (5)

දින 7ක් වයස බිළිඳිය තුන්වරක් පොලොවේ ගහලා

මහසෙන් Friday, 17 February 2023 09:39 PM

මේ පුවත කියවන විට ඇඟත් එක්කම හිරිවැටුණා. ජෝතීර් වේදියා හමුවී ආපසු බාල බිලිඳියම මේ ලෙස ඝාතනය කළා කීවාද දන්නෑ. බාල බිළිඳියගෙන් පවුලට අපලයි කියලා...

:       0       1

Radiks Saturday, 18 February 2023 12:41 AM

පසු ප්‍රසව විශාදය...

:       1       5

බක්මී Saturday, 18 February 2023 08:19 AM

අනේ මෙහෙමත් අම්මලා. මේ රටට මොනවා වේගෙන එනවාද මන්දා...? මියගිය දියණියට නිවන්සුව පතමු...

:       0       9

කීරාල දෛවඥයා Saturday, 18 February 2023 03:48 PM

මං ඉපදුණාම කේන්ද්‍රය හදපු ජෝතිර්වේදියා කියලා තියෙනවා මේ ඉපදිලා තියෙන්නේ අංගුලිමාල වගේ දරුණු පුද්ගලයෙක් නිසා මරලා දැම්මේ නැත්නම් අම්මා දවස් 7 න් මැරෙනවා. තාත්තා මාස තුනකින් හිරගෙට යනවා. මුළු පවුලටම විනාශ කාලයක් එනවා කියලා. ඉතිං අම්මා මට දවස් 7ක් කිරි දෙන්නේ නැතුව පැත්තකට දාලා තිබිලා දවස් 7 න් අම්මා මැරුණේ නැති නිසා කිරි දීලා තියෙනවා.

:       0       0

Lalla Saturday, 18 February 2023 11:46 PM

තාවකාලික මානසික රෝග තත්ත්වයක්. මෙය වළක්වා ගතහැකිව තිබූ දෙයක්. දැනුවත්භාවය නොමැතිකම නිසා වූ හානියක්. අනිත් දරුවාත් අනතුරේ.. රෝහලේදී මේ තත්ත්වය හඳුනාගෙන නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 631 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site