
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
මෙරට පවුලකට සිය ආහාර අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේදී සාමාන්‍යයෙන් රුපියල් 47,107.55 ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් එම මාසයේදී ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් 57,507.67 ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ එම වාර්තාවේ දැක්විණ.
පවුලක මාසික සාමාන්‍ය ආහාර වියදම පසුගිය වසරේ පෙබරවාරි මාසය සහ පසුගිය මාසවලට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතින බවත් මාසික සාමාන්‍ය ආහාර නොවන වියදම පසුගිය මාසවලට සාපේක්ෂව සුළු වෙනස්කමක් පෙන්නුම් කරන බවත් එම වාර්තාවේ දැක්වේ.
කෙසේ නමුත් පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සංසන්දනය කරන විට මෙම වසරේ පෙබරවාරි මාසයේදී ආහාර නොවන මාසික සාමාන්‍ය වියදම සියයට 6 කින් අඩුවී ඇති බවද ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.
සියලුම දේශීය සහල් වර්ගවල සාමාන්‍ය මිල ගණන් පසුගිය මාර්තු මාසයේදී සැලකිය යුතු ලෙස වෙනස් වී නොමැති බවත් දේශීය නාඩු කිලෝවක මිල පසුගිය මාර්තු මාසයේදී රුපියල් 243 ක් ලෙස සටහන් වූ බවත් එම වාර්තාවේ සඳහන් වේ. එය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව සහ 2024 මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8 ක මිල ඉහළ යාමක් බවද ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.
කීරි සම්බා හැර අනෙකුත් බොහෝ සහල් වර්ගවල මාර්තු මාසයේදී පහළ ගොස් තිබෙන බවද ලෝක ආහාර වැඩසටහන පැවැසුවේය.
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1754
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්
Don perea Friday, 18 April 2025 10:13 PM
වැඩිපුර බත්කන හරක් ඉන්න එකම රට...
Nihal Saturday, 19 April 2025 12:02 AM
ලක්ෂ්‍යයක් වියදම් වෙන්නේ පවුලේ සාමාජිකයින් කොපමණ ප්‍රමාණයක් ඉන්න පවුලකටද සඳහන් කර නොමැත...
සාලිය Saturday, 19 April 2025 10:34 AM
පොඩි අය තුන් දෙනෙක් ඉන්න ගෙදරකට වයිරස් උණක් හැදුණාම ඕක ඩබල් වෙනවා. දෙමවුපියන්ට සලකන්න විදියක් ඇත්තේම නෑ.
Mangala Saturday, 19 April 2025 01:34 PM
මේක ඇත්තක් බව වැටහෙනවා. සාමාන්‍ය විදිහට ජීවත් වෙන පවුලකට අරපිරිමැස්මෙන් ජීවත් වුණත් මේ වියදම යනවා.