රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ
දැදුරුඔය ජලාශ රක්ෂිතයේ වන වගාවක් ගලවාදමා වී වගා කිරීම සදහා සී සාන ලද සිද්ධියක් පිලිබඳව වාරියපොල මළගනේ ප්‍රදේශයේ පරිසර හිතකාමීන් පිරිසක් අද (19) දහවල් වාරියපොල පොලිසියට පැමිණිලි කලහ.
මීට මාස නමයකට පමණ ප්‍රථම දැදුරුඔය ජලාශය බාර ඉන්ජිනේරුවරයාගේ අනුදැනුම මත ප්‍රදේශයේ මහා සංඝරත්නය, මළගනේ ප්‍රදේශවාසීන්, අාබාධිත රණවිරුවන් පාසල් පරිසර නියමුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කුඹුක් ඇතුළු පරිසර හිතකාමී පැල දෙදහසක් මෙම දැදුරුඔය රක්ෂිතය තුල සිටුවීමට පියවර ගැනිණි.
එහෙත් නව වසර සදහා පැල සිටුවීමේ දිනය වන අද දිනයේ එම වන වගාවෙන් කොටසක් ගලවා දමා එම රක්ෂිතයේ වී වගාව සදහා බිම සකස් කිරීමට කිසියම් පිරිසක් ක්‍රියාකර ඇතිබව පරිසර හිතකාමීන් කියා සිටිති. මෙම ක්‍රියාව නවතා දමන ලෙස අදාළ පිරිස දැනුවත් කරනු ලැබුවත් ඔවුන් එම කටයුත්ත දිගටම සිදුකරගෙන යන බැවින් පරිසර හිතකාමීන් විසින් වාරියපොල පොලිසියට සහ දැදුරුඔය බාර වාරි ඉන්ජිනේරුවරයාට පැමිණිලි කර ඇත. ඉතිරිව ඇති වන වගාව ආරක්ෂා කරගැනීමේ අරමුණ ඇතිව ඔවුන් මෙසේ අදාල අංශ වලට පැමිණිලි කලහ.
පරිසර සහ සොබදහම් අධ්‍යාපන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතාද මෙම ස්ථානයට පැමිණ සිදුකර ඇති විනාශය පරීක්ෂා කර ප්‍රදේශවාසීන්ට ගතයුතු ඉදිරි පියවර අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉඩම් වල සිටි අයට හොඳම රජයේ පොල්වතු හිරිපිටිය ගනේවත්ත ප්‍රදේශයේ ලබා දීල තියෙන්නේ. මේක අපරාධයක්...
මේ තමයි අපේ මිනිසුන්ගේ හැටි. වවන්න කිව්වම රක්ෂිතවල, වනාන්තරවල, සොහොන් පිට්ටනිවල, පාරවල්වල, කොච්චිපාරේ වවන්න ගන්නවා. ඊට පස්සේ සීමා මායිම්වලට ඇනකොටා ගන්නවා.
මොලේ අමාරු කාරයින් වගයක්. පොලිසියට ගෙනිහින් මුන්ගේ ඇට කටු කඩන්න ඕනා. අනිවාර්යයෙන්ම දුෂිත හොරෙක් නොහොත් දේශපාලුවෙක් මිට සම්බන්ධ විය යුතුමය. මොකද දේශපාලුවන්ට පමණයි මොලය, බුද්ධිය, උගත්කම, වැනි අගනා දේවල් " පිහිටලා නැත්තේ ". අපේ රටේ අවාසනාවට උපන් කාලකන්නින්ට කවුරුවත් ගරු නොකර ඉන්නේ ඇයි...?
කවුරු උනත් මේ කරපු වැඩේට මම නම් කැමතියි. රක්ෂිතය විනාස කරා කියලා කෑ ගහන්නේ මොකක් හරි කරොත් විතරයි. එයත් රක්ෂිතයක් තියෙනවද කියලවත් සමහරු දන්නේ නැහැ. ඔතනින් රටට හරි තමන්ට හරි හාල් කිලෝ 100ක් වත් ගන්න පුළුවන් උනොත් ඒක යම්කිසි කොට්ඨාශයකගේ ආහාර සදහා ගන්න පුළුවන් වගේම නිකන් ඉන්න මිනිස්සු ටිකක් ඒකට හුරු වෙනවා. හොඳ දේවල් වලට අපි හොදයි කියමු යාලුවනේ.
අර විල්පත්තුව කපනවා කියල බෙරිහන් දුන්න පරිසර හිතකාමී එකෙක්වත් මේ නිවුස් දකින්නෙ නැහැ. හේතුව ආගම ජාතිය.
මෙතන රජකාලයේ පටන් තිබුනේ කුබුරුයායක්... එය අස්වැද්දීම අපරාදයක් වන්නේ කොහොමද? සුද්දගේ නීතිද? අපිට අපි එක ගහක් කපල නැහැ වී වගාව බලාගන්න පුලුවන් ඇවිල්ලා...
සියලුම මුඩුබිම් වල වගා කලයුතුය... මේවට අකුල් හෙලන, වැඩ නොකරන, කොමෙන්ට් දමන පිරිස් වහාම කුඹුරට බැස්සවිය යුතුය...
මාගේ මතෘභූමිය විනාශ කලේ 1948 ඉදන් බලයට ආපු දේශපාලුවෝ එකෙක් නැර!