(ඉන්දික අරුණ කුමාර)
අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වු ලංගම බස්රථයකට යටවි අද(12) යතුරුපැදි කරුවෙකු ජිවිතක්ෂයට පත්වී ඇතැයි නාඋල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කණුමුලයාය,නාඋල ලිපිනයේ පදිංචිව සිටි ඩි.එම්.තිලකරත්න බණ්ඩා (67) නැමති දෙදරු පියෙකි.
අනුරාධපුර දෙසින් මහනුවර දෙසට පැමිණි ලංගම බස්රථය නාඋල ප්‍රධාන බස්නැවතුම්පලට ඇතුළු කිරිමේදී බස් නැවතුම්පලේ සිට ඒ නවය ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කර ඇති යතුරු පැදිය එක්වරම බස් රථයේ ගැටී මෙම අනතුර සිදු ඇත.
යතුරුපැදි කරු අනතුර සිදුවු ස්ථානයේ දීම මියගොස් සිටි බව ඇසින් දුටුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd