
(සුරංග රාජනායක)
මෙරට ඉහළම ප්‍රභූවරයකු ගමන් ගත් මාර්ගයේ සිය හත් හැවිරිදි දරුවා ද සමඟ කොස් ගෙඩියක් කර තබාගෙන ගිය තිදරු පියා ගම්පොල පොලීසිය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.
අවුරුදු 9,7 සහ 3 ,වයස්වල පසුවන සිය දරුවන් තිදෙනාට හා බිරිඳ මෙන්ම තමාට ආහාර සඳහා නිවෙසේ කිසිදු දෙයක් නොමැති නිසා දහවල් ආහාරයට කොස් ගෙඩියක් සොයා ගත් මෙම පියා එය රැගෙන නිවස කරා යමින් සිටියදී ගම්පොල ගලහා වාරියගල ප්‍රදේශයට පැමිණ සිටි පොලිස් නිලධාරීන් මෙම තිදරු පියා හා දරුවා ඔවුන් භාරයට ගෙන බොහෝ වේලා රඳවා තබාගෙන හිංසාවට ලක් කළැයි චෝදනා එල්ල වී තිබේ.
යු.ජී.සුදත් නැමති මෙම තිදරු පියාගේ නිවස ඇත්තේ මෙම ප්‍රභූවරයා ගොස් සිටි ප්‍රදේශයේ වන අතර මොහු සඳහන් කරන්නේ ප්‍රභූවරයා පැමිණි බව තමා නොදන්නා නිසා කොස්ගෙඩිය ද රැගෙන නිවස කරා යමින් සිටි බවයි.
නමුත් පොලිසිය මොහුට චෝදනා එල්ල කරමින් පවසා සිටින්නේ මෙම ප්‍රභූවරයාගේ ගමන් මාර්ගය අවහිර කිරීමේ අරමුණින් ඔහු ගමන් ගත් බවයි.
ඒ සඳහා පොලිසිය මෙම ගමේ අයකුගෙන් සාක්ෂියක් ද ලබාගෙන ඇති අතර ප්‍රදේශය පුරාම පොලිස් ජීප් රථ පොලිස් ත්‍රීවිල් රථ යොදවමින් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත.
මෙම සිද්ධියත් සමග එම තිදරු පියා බිරිඳ හා දරුවන් දැඩි බියකට පත්ව ඇති බවද ඔවුන් පවසන්නේ ය.
ගම්පොල උසස් නිලධාරීයකු මොහුට ඇමතුමක් දී සඳහන් කර ඇත්තේ වහාම පොලිසිය වෙත පැමිණ කටඋත්තරයක් ලබා දෙන ලෙසයි.
ඒ අතර සිකුරාදා දින නිවසට පැමිණි පොලිස් නිලධාරියකු ද කොළයක් ලබාදී පොලිසිය වෙත පැමිණෙන ලෙස මොහුට දන්වා තිබේ.
බුදු පිළිම ,දේව පිළිම ,ජේසුස් වහන්සේගේ රුව පල්ලි පන්සල් කෝවිල් ආදිය කඩදාසි වල මුද්‍රණය කිරීමේදී ඒවා බිම වැටී මිනිසුන්ට පෑගීම ,භාණඩ එතීම වැනි විවිධ දේවලට එම කොල ගැනීම ආදිය නිසා එවැනි ශාස්තෘවරුන්ට අගෞරවයක් වන නිසා එයට නිසි වැඩපිළිවෙළක් සකස් කරන්නයි පවසා සුදත් නැමැති මොහු ඒ සඳහා මහජන අවධානය ගැනීම සඳහා රට පුරා යමින් ඊට අත්සන් ලබාගෙන තිබුණි.
එම අත්සන් ලේඛණය කිලෝමීටර තුනක් දිග එකක් වන අතර එය මහජන ප්‍රදර්ශනයටද තබා තිබුණි. ඒ මීට වසර පහකට පෙරය.
මෙම ක්‍රියාව පදනම් කරගෙන පොලිසිය මොහුට මෙසේ චෝදනා එල්ල කර ඇතැයි සඳහන් විය. නමුත් මොහු පවසන්නේ ජනාධිපතිවරයා මෙම ප්‍රදේශයට පැමිණීම තමා මෙන්ම බොහෝ දෙනකු නොදන්නා බවය.
ඒ නිසාම මෙවැනි චෝදනාවලින් තමාට යම් කරදරයක් උවහොත් දරුවන්ට කුසගින්නෙන් මිය යාමට සිදුවන බව ද ඔහු පවසයි. ජීවත්වීමට නිසිලෙස නිවසක්ද නොමැති තමා ඉතා දුප්පත් අයකු බවත් මෙවැනි චෝදනාවලින් තමා තවත් මානසික පීඩාවට පත්වන බවත් මොහු සඳහන් කරන්නේය.
බුදු දහම හා විෂ්ණු දෙවියන් අදහන තමාට කිසිවකුට හිරිහැරයක් කිරීමට අවශ්‍ය නොවන බව ද මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර තමාට පිහිට වන ලෙසද ඔහු ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපති රනිල් මැදිහත් වී මේ අසරණයා බේරා දමන්න…!
අවධානය ද ඉල්ලන්නේ?
ඇත්තටම ජනාධිපතිතුමා තවමත් මේක නොදන්නවා නම් එතුමාගේ කාර්‍ය මණ්ඩලය ඉතාමත් දුර්වලයි කියලා කියන්න පුළුවන්... ඇත්තටම එතුමාගේ මාධ්‍ය ලේකම්වරුන් කරන්නේ මොනවද කියලා අහන්න වෙනවා... මම දකින්නෙ නම් මේක එතුමාට කරන අපහාසයක් හැටියට තමයි...
මේ පොලීසියේ අයට පිස්සුද? අහිංසක මිනිස්සුන්ට නිකම් හිරිහැර කරන්නේ...!
සත පහේ සක්කිලි... බලන්න ඒ අහිංසක මිනිස්සු දිහා... වරදක් කළත් දඬුවමක් කරන්න හිතෙනවාද...?
ජීවත්වෙන්න මාර්ගයක් නෑ. ඒ වුණාට දරුවෝ තුනක්... ඉස්සර වෙලාම ජීවනෝපාය මාර්ගය හදාගන්න ඕන කියලා නොදන්නා කමද? බෝකිරීම වෘත්තියද? අනුකම්පාව තමා ලංකාවට හෙනහුරා. මේ වගේ අය සමාජයේ අනුකම්පාවට බඳුන්වියයුතු නෑ...
ප්‍රභූවරයා තමයි ජනාධිපති...!
ජනාධිපතිතුමා මේ ගමන ගිහින් තියෙන්නේ කාටත් හොරෙන් කිසිවකුටත් නොදන්වා. ඒක කාටවත් දැන ගන්න බෑ. පොලිසිය කියන විදියට සැලසුම් කර ආවානම් මේ කැලේ ඉන්න මිනිහා දැන ගත්තේ කොහොමද? එහෙනම් ජනාධිපතිගේ ආරක්ෂාවේ කොහේ හෝ තැනක දුර්වලකමක් තියෙනවා කියලයි මට තේරෙන්නේ. ජනපති එන බව මේ මිනිහා කලින් දැනගත්තා නම් ජනාධිපතිතුමා යන තැන් තවත් අය දැන ගනී. එය එසේ වෙලානම් ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට තර්ජනයක්. දවස් ගණන් පෝලිම්වල ඉන්නැද්දි ඒ පෝලිම් නැතිකලේ රනිල් මහත්තයා ඒක කවුරුත් දන්නවා. එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් මීට වඩා යමක් කළ යුතු යැයි මා සිතනවා
දේශපාලුවන්ට ගැතිකම් කරන අයට නම් හෙණ 7ම වදින්න ඕනේ...
මේකෙ කොටන හයිපං පොරකට බැයිද මෙයාට රස්සාවක් හොයාල දෙන්න
ඔය කියන ප්‍රභූවරු පහුගිය කාලෙ ඇඳන් යට හිටිය මතක්ද දන්නෙ නෑ. ආයෙ එවැන්නක්ද ඕන වෙලා තියෙන්නෙ. මෙවැනි අමන ක්‍රියා තියෙනකම් රට ගොඩ දානව බොරු. මුන්ට මොනවද ඕන.
සතර පෙර නිමිති මතක් වුණා... අපේ රටේ කන්න නැතිව කොස් තම්බලා කන මිනිස්සු ඉන්න බව ලොක්කා දැනගන්න හොඳ නෑ. සට්ටැමියෝ නිසා තමයි මේ රට තව වලට යන්නේ...!
දැන් රටේ මිනිස්සු කොස් ගෙඩියක් කන්නත් ප්‍රභූ අවසරය ගන්න වෙනවා. 2048 වෙනකන් කොස් කන්න එපා.. 2048 අපේ රටට සුද්දියෝ වැඩට එනවා. අපේ රට සංවර්ධිත රටක්.. එදාට අපි කමු. චීන්නු වගේ. ගෙම්බෝ, නයි, කැරපොත්තන්..