(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ සභාවේ පිටස්තරයකු සිටින හෙයින් ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය.
අධිකරණයෙන් දඬුවම් ලැබූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාට මේ සභාවට පැමිණීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයිද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
පාර්ලිමේන්තු සභාගර්භයේ පිටස්තරයකුට රැඳී සිටීමට ස්ථාවර නියෝග 21 අනුව හැකියාවක් නැතැයිද හෙතෙම සඳහන් කළේය.
හොරකම අල්ලස් දූෂණ නවත්වන්න අවශ්‍ය යැයි අගමැතිවරයා මේ සභාවේදී පැවසූවත් ඔහුගේ වම් පැත්තේ හොරකමකට සම්බන්ධ වූ අයකු හිඳගෙන සිටින බව පැවසූ චමින්ද විජේසිරි මහතා රණතුංග මහතා ඒ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇද්දැයි තමා නොදන්නා බවද සඳහන් කළේය.
තමා මෙම කාරණය මතු කරන්නේ පළිගැනීමක් හැටියට නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් විජේසිරි මන්ත්‍රීවරයා මතුකළ ප්‍රශ්නයට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා හෝ වෙනත් කිසිවකු හෝ මේ අවස්ථාවේදී උත්තර නොදීම විශේෂත්වයක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා විතරක් නෙවෙයි ඔය කතා කරන තමනු ඇතුළුව සියළු දෙනාම පිටස්තරයන්. එක්කෙනෙක්වත් ඔතෙන්ට සුදුසු නැහැ.