(එස් ඩී කොඩිකාර )
දෙණියාය මූලික රෝහලේ සේවය කරමින් සිටි එකම විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයා රෝහල හැර විදේශගතවීම හේතුවෙන් රෝහලේ සිදු කරන සියළු සීසේරියම් සැත්කම් ඇතුළු අනෙකුත් සැත්කම් ඇනහිට තිබෙන බව දෙණියාය මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී රන්දිව් අබේවික්‍රම මහතා මෙවර කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය කළේය.
කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් ශානිකා අයි පෙරේරා මහත්මියගේ සහභාගිත්වයෙන් කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී මෙය පැවැත්විණි.
රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකු සහ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු සිටියත් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැති හෙයින් එම වෛද්‍යවරුන්ද දැඩි අසීරුතාවයකට පත්ව සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd