
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ තුළ වන සතුන් දඩයමේ ගිය දඩයක්කරුවකු වැරදිමකින් කළ වෙඩි තැබිමකින් වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයෙ තරුණයකු මරණයට පත්වි ඇති බව වනාතවිල්ලුව පොලිසිය පැවසිය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයෙ පදිංචිව සිටි 24 හැවිරිදි ඉසදින් මරික්කාර් මොහොමදු අස්තාර් නැමති අවිවාහක තරුණයකු බව පොලිසිය කියයි.
පුත්තලම,වනාතවිල්ලුව, හයෙ කණුව, හා එළුවන්කුලම ප්‍රදේශයෙ පදිංචි දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මෙසේ නීති විරෝධී ලෙස වන සතුන් දඩයම් කිරීම සදහා විල්පත්තුව ජාතික වන උද්‍යානයට ගොස් සිටියදී මෙසේ එකම කණ්ඩාමේ සිටි තරුණයකුට එම කණ්ඩායමේ අයකු රාත්‍රියෙ සොයා ගත වැරදිමකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බව කියති.
මෙම වෙඩි තැබිම විල්පත්තුව ජාතික වන උද්‍යානයට අයත් මුරුන්දන්වේලි ප්‍රදේශයෙ මන්ජකොඩි ඇල පිහිටි සිමාවේ සිදුව ඇති බව එළුවන්කුලම වනජීවි නිළධාරීන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති