IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දඩයමේ ගිය 5ක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නකල්ස් රක්ෂිතයේගැවසුණු  ගෝනකු දඩයම් කරමස් කිලෝ ග්‍රෑම් 110 ක තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පුද්ගලයින් පස්දෙනෙකු පස් දෙනෙකු අද (13) සැකපිට අත්අඩංගුවට ගත් බව පන්විල පොලීසිය පවසයි.

දඩයමේ යාමට යොදාගත් බව කියන බෝර  12 වර්ගයේ ගිනි අවි දෙකක්ද වෑන් රථයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

බඹරැල්ල සාරි ඇල්ල මාර්ගයේ වෑන් රථය ධාවනය වෙමින් මේ අතරවාරයේ පන්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලින්ද පීරිස් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සැකකරුවන් පස්දෙනා ගෝන මස් සහ ගිනි අවි සමඟ ද අත්අඩංගුවට ගනු ලැබූහ.

නකල්ස් රක්ෂිතයට හොර රහසේ ඇතුළු වී ගෝනකු දඩයම් කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි කියති.

අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි අය වෙති.පන්විල පොලිසිය  අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (0)

දඩයමේ ගිය 5ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site