(යොහාන් භාසුර)

රටතුළ පවතින නියඟය හේතුවෙන් වනාන්තර තුළ ජලය හිඟවීම හේතුවෙන් ජල සොයා එන වන සතුන් දඩයම් කරන පුද්ගලයන් පිළිබඳව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික දුරකථන අංශය වන 1992 ට දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේ ජල සොයා එන වන සතුන් ජලය පානය කරන කුඩා ජලාශවලට විෂ දමා සතුන් දඩයම් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බවත් විෂ ශරීරගත වීමෙන් මරණයට පත්වන සතුන්ගේ මස් අනුභව කිරීම මිනිස් සිරුරට අහිතකර බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.