(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදුලි අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂෙත්‍රයේ ඕස්ට්‍රේලියා ආයෝජකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (14) පැවැත්විණි.
ඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් මෙහි දී පැවැත්වුනු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
මෙම සාකච්ඡාවට ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා (David Holly) ඇතුළු ආයෝජකයෝ පිරිසක් එක්ව සිටියහ.
පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙසත්, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහාත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව ආයෝජන දිරි ගැන්වීමට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලයුතු ඉතා වටිනා දෙයක් ස්ට්‍රේලියානුවන් සූර්ය බලයෙන් සහ සුළං මගින් ජනනය වන විදුලි බලය සම්බන්දයෙන් ඉදිරියෙන් සිටී. ඔවුන් ඒ සම්බන්දව ඉතා පළපුරුදු ය.
ලඟඳීම වෘත්තීය සමිති කුලප්පු වෙන්න පුළුවන්.
මෙන්න රටේ සම්පත් විකුණනෝ කෝ වෘතීය සමිති
මේ හැම දෙයක්ම විදේශීය ආයෝජන බලාගෙන දඟලන්න වෙලා තියෙන්නේ රටේ ධනපති භංග කල අතීත මෝඩ සමාජවාදය නිසා නේද? බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කියල සෑම දේම ජනසතු කිරීම මේ පවේ මුල්.ම හේතුව....