(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදුලි අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂෙත්‍රයේ ඕස්ට්‍රේලියා ආයෝජකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (14) පැවැත්විණි.
ඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් මෙහි දී පැවැත්වුනු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
මෙම සාකච්ඡාවට ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා (David Holly) ඇතුළු ආයෝජකයෝ පිරිසක් එක්ව සිටියහ.
පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙසත්, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහාත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව ආයෝජන දිරි ගැන්වීමට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිගටම ලයිට් දෙන්න ඔස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා අරඹයි
anura nanayakkara Wednesday, 14 September 2022 04:10 PM
කලයුතු ඉතා වටිනා දෙයක් ස්ට්‍රේලියානුවන් සූර්ය බලයෙන් සහ සුළං මගින් ජනනය වන විදුලි බලය සම්බන්දයෙන් ඉදිරියෙන් සිටී. ඔවුන් ඒ සම්බන්දව ඉතා පළපුරුදු ය.
Prase Wednesday, 14 September 2022 05:21 PM
ලඟඳීම වෘත්තීය සමිති කුලප්පු වෙන්න පුළුවන්.
idihot Wednesday, 14 September 2022 07:56 PM
මෙන්න රටේ සම්පත් විකුණනෝ කෝ වෘතීය සමිති
Lalith M Thursday, 15 September 2022 10:08 AM
මේ හැම දෙයක්ම විදේශීය ආයෝජන බලාගෙන දඟලන්න වෙලා තියෙන්නේ රටේ ධනපති භංග කල අතීත මෝඩ සමාජවාදය නිසා නේද? බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කියල සෑම දේම ජනසතු කිරීම මේ පවේ මුල්.ම හේතුව....