
(රොමේෂ් මධුෂංඛ)
යාපනය ඉලවාලෙයි වසන්තපුරම් ප්‍රදේශයේ ගෙවත්තේ පිහිටි ළිඳකට වැටී අවුරුදු දෙකහමාරක් වයසැති දියණියක් දියේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි ඉලවාලෙයි පොලීසිය පවසයි.
මිය ගිය දියණියගේ පියා රැකියාව සඳහා නිවසින් පිටව යාමෙන් පසුව දැරියගෙ මව නිවසේ මුලුතැන්ගෙයි ආහාර පිසමින් සිටින අතරවාරයේදී මෙම දියණිය ගෙමිදුලේ සල්ලම් කරමින් සිට ඇත.
පසුව දැරිය අසල තිබූ ළිඳලඟට ගොස් සෙල්ලම් කරමින් සිටියද දැරියගේ මව ඒ පිළිබඳව නිරීක්ෂණය නොකිරීම හේතුවෙන් සෙල්ලම් කරමින් සිටි දැරිය එකවරම ළිඳට වැටී ඇතැයි මූලික පොලිස් පරික්ෂණවලදී හෙලිවෙයි.
දැරිය ළිඳට වැටීමෙන් පසුව මව ළිඳලඟට දිවවිත් ප්‍රදේශවාසීන්ගෙන් උදව් ඉල්ලා කෑගැසීමෙන් පසුව ප්‍රදේශවාසීන් වහා එම ස්ථානයට පැමිණ ළිඳේ සිටි දරුවා ගොඩට ගෙන රෝහල්ගත කලද දරුවා ඒ වනවිටත් මිය ගොස් ඇතැයි රෝහල් වෛද්‍යවරුන් දැනුම් දී ඇත.
මෙලෙස ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු දෙකහමාරක් වයසැති කරුණානිධි රක්ෂිකා නැමැති දැරියක් වන අතර දෙමාපියන්ගේ නොසැලකිලිමත් බාවය මෙවැනි අවාසනාවන්ත මරණයන්ට හේතුවන බවටද පරික්ෂණ සිදුකරන පොලීසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු දෙකහමාරේ තම දරුවගේ ආරක්ෂාව ගැන කල්පනාවක් නැති මෙවැනි අයට රටේ අනාගතේ තීරණය කරන්න සුදුසු නායකයින් පත් කරගන්න නායකයෙක් තියෙයිද?