(ජනක් ද සිල්වා සහ සුසිල් ප්‍රියන්ත)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම ආසන්නයේ 81 සැතපුම් කණුව අසලදී එම මාර්ගයේ සේවය කරමින් සිට කම්කරවන් දෙදෙනෙකු ලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

මෙම අනතුර 11.41ට පමණ සිදුව ඇති බවත් අනතුර සිදු කළ බස් රථය නොනවත්වා ධාවනය කර ආසන්නම පිවිසුමෙන් පිටවී අනතුර සම්බන්ධයෙන් වාර්ථා කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි