
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටී වෑන් රථයක් සහ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කිලෝ මිටර් 8 දශම 4 වෙනිවැල්කොල ප්‍රදේශයේ දී අද( 7) දහවල් එකිනෙක ගැටී පෙරළීමෙන් කුඩා දරුවෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයෙකු කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දැරියක වන බව පොලිසිය කියයි. රියදුරු සුළු තුවාල ලබා බේරී ඇත.ඔවුන් වයස අවුරුදු 08 , 31 39 ,70 හා 72 අතර පසුවන්නන් ය
තුවාල ලද එකම පවුලේ පිරිස මාතර ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වී යළි අත්තනගල්ල ගම් ප්‍රදේශයේ කරා වෑන් රථයෙන් යමින් සිටියදී මාතර සිට කොළඹ දෙසට ගමන් ගත් මෝටර් රථයක් වෑන් රථයේ පිටුපස ගැටී අනතුර වී තිබූ බව පොලිසිය කියයි.
මෝටර් රථය වෑන් රථය ගැටීමක් සමගම වෑන් රථය වට තුනක් කැරකී ගොස් වම් පස යකඩ වැටේ ගැටී පෙරළී ඇතැයි පොලිසිය කියයි.
වෑන් රථය වැටේ ගැටීමත් සමඟම ඒ තුළ සිටි වයස අවුරුදු 8 ක කුඩා දැරියක ජනේලෙන් පිටතට විසි වී ඇති අතර කාන්තාවක් ද පිටතට විසි වී වු බව අනතුර සියැසින් දුටු ඊට පිටුපසින් එම දිසාවටම ධාවනය වූ මෝටර් රථයක රියදුරෙක් පැවසීය
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දක්ෂිණ අධීවේගීයේ අනතුරක්:5ක් රෝහලේ