IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දකුණේ විශේෂ මෙහෙයුමක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමේ දී කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 84 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය මහතා පැවසීය.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 19 දෙනකු ඒ අතර වන බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

එම සැකකරුවන් සමඟ විවිධ මත්ද්‍රව්‍ය, තියුණු ආයුධ මෙරට නිෂ්පාදිත ගිනි අවි, ටී 56 ජීව උන්ඩ යුදහමුදා නිල ඇඳුම්,  පොලිස් භාරයට ගෙන ඇත.

ඇල්පිටිය ගාල්ල මාතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 650 ක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 253 ක් යුදහමුදා නිලධාරීන් 252 ක් හා නාවික හමුදා නිලධාරීන් 95 කු මෙහෙයුම සහභාගි විය.

එම දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි මාර්ග බාධක 58 ක් යතුරු පැදි සංචාර 24 ක් ජංගම සංචාර 25 ක් යෙදවූ බවත් නිවාස 186 ක් වාහන 1080 මෙන්ම පුද්ගලයන් 2436 පරීක්ෂාවට ලක් කළ බව ද මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

 



අදහස් (2)

දකුණේ විශේෂ මෙහෙයුමක්

දයාසේන කරිවිලකන්ද Monday, 22 May 2023 05:18 AM

යම් කෙනෙක් හැරමිට්ටෙන් යද්දීත් රජකරන්න දකුණේ අපේ මිනිස්සු උත්සාහ කරන්නෙ ඕවා නිසා තමයි අපේ හාමුදුරුවනේ

:       2       1

Bunny Preena Monday, 22 May 2023 09:16 AM

මුළු ලංකාවම ආවරනය වන පරිදි අනෙකුත් ප්‍රදේශවලත් මෙවැනි මෙහෙයුම් කඩින් කඩ මෙහෙයුවොත් අපරාද බොහෝ දුරට වලක්වාගන්ට පුලුවන් වගේම අපරාදකරුවන් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගන්ටත් හැකි වෙවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site