(සුමතිපාල දීයගහගේ)

හම්බන්තොට මහ නගර සභාවේ සහ හික්කඩුව නගර සභාවේ නගරාධිපතිවරුන්ගේ පුරප්පාඩු පවතින බව දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පවසයි.

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති තනතුර දැරු එරාජ් ප්‍රනාන්දු මහතා එම තනතුරෙන් ඉල්ලා අස්විම නිසා හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති තනතුර පුරප්පාඩුවි තිබේ.

මේ අතර හික්කඩුව නගරාධිපතිවරයාව සිටි විනී කාරියවසම් මහතා අභාවප්‍රාප්තවිම නිසා එම නගර සභාවේ නගරාධිපති තනතුර හිස්ව පවති.

හම්බන්තොට නගර සභාවේ නගරාධිපතිවරයා නගර සභාවේ මන්ත්‍රිවරුන්ගේ බහුතර කැමැත්ත මත තෝරා පත් කර ගැනිමට නියමිතව ඇති බවත් හික්කඩුව නගර සභාවේ නගරාධිපතිවරයා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහා ලේකම්වරයා විසින් නම් කළ යුතුව ඇති බවත් සේනක පල්ලියගුරුගේ මහතා වැඩි දුරටත් සදහන් කළේය.