
(ධර්මදාස සිරිවර්ධන)
දකුණේ ඇතැම් තේ කඩවලින් ප්ලේන්ටි භාගයක් ලබා ගැනීමට බොහෝ පිරිස් පුරුදුව සිටින බව වෙළෙඳහල් හිමියෝ පවසති. තේ එකක මිල රුපියල් 50ක් වන අතර රුපියල් 25ක් දී ප්ලේන්ටි භාගයක් මිලට ගැනීමට ඇතැම් පිරිසක් කටයුතු කරයි.
වැඩි වශයෙන්ම දිනපතා එකම ගනු දෙනුකරුවන් පිරිසක් පැමිණෙන ඇතැම් ඇඟලුම් කම්හල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතනවල ආපනශාලාවලද මෙම ක්‍රමය බහුලව දක්නට ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයක ආපන ශාලා හිමිකාරියක් මෙසේ කීවාය.
මම මේ රස්සාව කරන්න වෙලා සෑහෙන කාලයක් වෙනවා. ඇත්තෙන්ම මහත්තෙයෝ මේ වගේ කාලයක් නම් එයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ. ඔය ලස්සනට ඇඳල ආවට ඇතැම් නෝනල මහත්තුරු බනිසක් කාල ඇල්වතුර වීදුරුවක් බීල බඩ පුරව ගන්නව. කෑම එකක් කාල තේ බොන අය අඩුයි. සමහරු හැලපයක් අරන් හයට විතර කඩල කහට බීල යනවා.
අපි කන හැටි ලිපා දනී. කියනව නේ. ඒක තමයි කියන්න තියෙන්නෙ. ඉස්සර මේසෙ වාඩිවෙලා දිග ඇරගෙන කාපු බත් එක අද කන්නෙ කොලයෙන් වට කරගෙන වහගෙන. හරියට මල්වර වෙච්ච ගෑනු ළමෙය නාවන කොට වගෙයි. හතර වටේම වහගෙන.
දැක්කම දුක හිතෙනව. කාහොම හිටපු මිනිස්සුද? ඕකයි මහත්තෙයෝ ඇත්ත. අපටත් දැන් කිසිම දෙයක් නිකං දෙන්න බෑ. ඉස්සර එහෙම දුන්න.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණේ පිරිස් ප්ලේන්ටි බාගයට හුරු වෙති