(යොහාන් භාසුර)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට්   තරගාවලියේ ලක්නව්හිදී අද (12) පැවති  පළමු  වටයේ 10 වැනි  තරගයේදී දකුණු අප්‍රිකානු පිල ලකුණු 134 කින් ඕස්ට්‍රේලියාව පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය.

මෙම ජයග්‍රහණය දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ තරග දෙකකදී පිට පිටම ලැබූ දෙවැනි ජයග්‍රහණය වේ.

මෙම ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකානු පිල ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.
දකුණු අප්‍රිකානු පිල ඕවර 50 යෙදී කඩුලු 7 ට 311

(කුවින්ටන් ඩී කොක් 109, රෙසල් වෑන්ඩර් ඩුසේන් 26, ඒඩන් මක්‍රම් 56, හෙන්රිච් ක්ලාසීන් 29, මාකෝ ජැන්සන් 26, මිචෙල් ස්ටාක් 53/2,  ග්ලේන් මැක්ස්වෙල් 34/2 )

ඕස්ට්‍රේලියානු පිල ඕවර 40.5 කදී සියලු දෙනා දැවී 177
(ස්ටීව් ස්මිත් 19,  මානස් ලැබුෂේන් 46, පැට් කමින්ස් 22, මිචෙල් ස්ටාක් 27, කාගිසො රබාඩා 33/3  මාකෝ ජැන්සන් 54/2  කේෂාව් මහරාජ් 30/2)