IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දුක්ගැනවිලි කියන ජනතා විරෝධතා මර්දනයට හදිසි නිතිය දැමීම හෙළා දකිනවා

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණදී සිටින ජනතාවගේ  දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමෙන් වළක්වාලමින් විරෝධතා  මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි නිතිය දීර්ඝ කිරීම සහ නැවත නැවත භාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඉකුත් අප්‍රේල් 2 වැනිදා සිට ශ්‍රී ලංකාව හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති බවත් නව ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ඉකුත් ජූලි 17 වැනිදා හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ බවත් එම නිවේදනයේ දැක්වේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගනිමින් ඉකුත් ජූලි 27 වන දින  වත්මන් හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කළ බව එහි සඳහන් වේ.එමගින් ඇඳිරි නීතිය පැනවීමට අවකාශ සහ ආරක්ෂක හමුදාවන්ට පුළුල් හා අභිමතය පරිදි බලතල ලබා දීමට හැකියාව ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

එවැනි බලතල ආරක්ෂක අංශවලට අධීක්ෂණයකින් තොරව විරෝධතාකරුවන් රඳවා තබා ගැනීමටත් වරෙන්තුවකින් තොරව පෞද්ගලික දේපළ පරික්ෂා කිරීමටත් ඉඩ සැලසෙන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේය.

හදිසි නීතිය අවභාවිත කිරීම පිළිබඳ අවස්ථා කිහිපයකදී රජයට දැනුම් දීමක් සිදු කළත් ඉන් ප්‍රයෝජනයක් නොවූ බව මානව හිමිකම් විශේෂඥයන් පෙන්වා දුන්නේය.එසේම සාමකාමීව රැස්වීමට මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය නීත්‍යානුකුලව භුක්ති විඳීම වළක්වාලමින් මෑතකදී සහ දිගින් දිගටම හදිසි නීතිය අවභාවිතා කරමින් ගනු ලබන ක්‍රියාමාර්ග හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කළේය. 



අදහස් (3)

දුක්ගැනවිලි කියන ජනතා විරෝධතා මර්දනයට හදිසි නිතිය දැමීම හෙළා දකිනවා

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 August 2022 01:33 PM

මේ රටේ ජනතාව පාරට බැස්සේ තවත් ඉවසිය නොහැකි වීම නිසයි.දෙතුන් ගුණයකින් හා නිතර නිතර බඩු මිල ඉහළ යෑම,ගෑස් ඉන්ධන පෝලිම් ආදී තවත් අනේකවිධ පීඩනය තවත් ඉවසිය නොහැකි තැන මිනිසුන් පාරට බැස්සා.එය මෙල්ල කළයුතු වන්නේ,ඒ ඒ ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබා දීම තුළින් මිස හදිසි නීතිය දැමීමෙන් නොවේ.

:       1       12

sharm warn Tuesday, 09 August 2022 02:08 PM

දේශපාලන මැරයෝ සහ අසික්කිත හොරු රැළක් විසින් මුලු රටේම ජනතාවගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලන්ඝනය කරනවා මහ දවල් එළිපිට. හැබැයි ඒ ජනතාවගෙන් අඳ ගොළු බිහිරි වෙච්ච සෙට් එකක් ඒකට මල්වෙඩි පත්තු කරලා කිරිපත් කනවා.

:       0       10

Bamunuarachchi Tuesday, 09 August 2022 06:19 PM

දුක් ගැනවිලි යන්නෙන් අදහස් කරන්නේ රජයේ දේපළ මංකොල්ල කමින් ගිනි තියමින් හොරකම් කිරීමද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site